රනිල්ගෙන් ජනපතිට කිසිකන පිළිතුරක්..! (වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තියවේදයෝ යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පල කළේය. ජනතා පරමාධිපත්‍ය සුරැකෙන ආකාරයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ස්වාධීන …

Continue Reading

ජනපතිට එරෙහි පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වෙයි!

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටියේය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් …

Continue Reading

ජනාධිපතිවරයාට අභියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව අද හෙළිවෙයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා අද(05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ පෙත්සම අද දෙවන දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී නීතිපති ජයන්ත ජයසූරිය මේ බව අවධාරණය කළේය. නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර …

Continue Reading

රටත්, යහපාලනයත්, ජනාධිපතිධුරයත් විනාශ කළ රනිල්ගෙන් රට මුදාගත් මහා මෙහෙයුම

හැට දෙලක්ෂ පනස්දහසක් ජනතාව 2015දී ලබාදුන් ජනවරමට පිටුපාමින් ඒ ජනතාව යහපාලනයක් සම්බන්ධයෙන් තැබූ බලාපොරොත්තු මහදවල් මහ බැංකු කොල්ල කමින්, දේශිය ආර්ථිකය සහ සංස්කෘතිය විනාශ කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකරමින් ගිය අතිදැවැන්ත විනාශයෙන් අප මාතෲභූමිය සහ ජනතාව මුදාගැනීමට ජනාධිපතිවරයා වශයෙන් තමන්ට සිදුකිරීමට වූ ඒ මහා මෙහෙයුම සම්බන්ධයෙන් ඊයේ(04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සමුළුව අමතමින් විශ්ලේෂණාත්මක …

Continue Reading

රාජ්‍ය සේවකයින්ට-ත්‍රිවිධ හමුදාවට-පොලීසියට ජනපතිගෙන් උපදෙස්

අද(04) දින පෙරවරුවේ සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වන පවත්වා තිබේ. අධිකරණය විසින් ඊයේ(03) දිනයේ දී අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය. එම නිසා පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත …

Continue Reading

විශේෂ ප්‍රකාශයක් සමඟින් ජනපති අද තවත් පෙරළියකට සැරසෙයි! සියළු ශ්‍රීලනිපය බල මණ්ඩල ක්‍රියාකාරීන් කොළඹට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත මහා සම්මේලනය පක්ෂයේ සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අද(04) සවස පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී පැමිණි එකඟතාවකට අනුව මෙම නියෝජිත මහා සම්මේලනය පැවැත්වෙන අතර, ඒ සඳහා දිස්ත්‍රික් බලමණ්ඩලවල ක්‍රියාකාරීන්ට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට, ආසන …

Continue Reading

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම අත්සන් කළත් රනිල්ට අගමැති කම දෙන්නේ නැහැ සහතිකයි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර දුන්නද තමන් කිසිසේත්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍යධුරය ලබා නොදෙන බවට සහතිකයක් ඊයේ(03) එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබාදුන්නේය. එම නිසා යළි රනිල් අගමැති වේයැ’යි කියා බිය නොවී, සැක හැර කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් තමා හමුවී ඇසීමෙන් ඵලක් නොවන බවත් ජනාධිපතිවරයා දැඩිව අවධාරණය කොට තිබේ. මෙම සාකච්චාව …

Continue Reading

එදා රජ දවසින් පසු යළි පළමු වතාවට ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් බිහිවෙයි

අභියාචනාධිකරණය විසින් නිකුත්කරන ලද අතුරු තහනම් නියෝගය නිසා සිංහල රජ කාලයෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාව රාජාණ්ඩුවක ස්වරූපයට පත්ව ඇත. මෙම තහනම් නියෝගය නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි දෙයකි. අතුරු තහනම් නියෝගය මගින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ කටයුතු එම නඩුව අවසන් වනතුරු අත්හිටුවා ඇත. ඒ අනුව රාජ්‍ය නායකයා ලෙස රාජ්‍ය පවත්වාගෙන …

Continue Reading

මිනීමරලා පුරුදු අපිට සිරිසේනව එළියට ඇඳලා මරලා දාන එක වැඩක් නොවෙයි – එජාපයේ මන්ත්‍රීමැරයෝ ප්‍රසිද්ධියේ තඟ දමති (Video)

අගහරුවාදා(04) වන විට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාදෙන විසදුමක් නොදුනහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති මන්දිරයෙන් එලියට ඇද දමන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි. එක්සත් ජාතික පක්‍ෂය විසින් ආරම්භ කර ඇති විරෝධතා රථ පෙලපාලිය අමතමින් ඔහු මේ බව පැවසීය. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ජානගත මන්ත්‍රීමැරයින් විවිධ ස්ථානවල ජනාධිපතිවරයාව ලිබියාවේ ගඩාෆි මරා දමා තිබූ අන්දමට මරා දමන …

Continue Reading

ජනපති සහ කරූ අතර සාකච්ඡා සාර්ථකයි; කරූ එජාපෙට හිරූ පායවන්න සුදානම්! එජාපෙ ආණ්ඩුව අද නොවෙයි හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් අද(29) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර කරු ජයසුරියගේ ඉල්ලීම මත හෙට(30) දිනයේදීද තවත් සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයා ඉඩ කඩ ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබාදීමට ජනාධිපතිවරයා සුදානමින් සිටී. රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය …

Continue Reading