රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සරසවි විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය

සංශෝධනය ආර්ථිකය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට භාෂා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම ඉලක්ක අතරට සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග …

Continue Reading

විභාග සමත්වීම පමණක් නොව සමාජ ප්‍රගමනය සඳහා දායකවිය හැකි පරිපූර්ණ දරුවකු අවශ්‍යයි – ආනන්දය බිහිකළ ශ‍්‍රී ලංකාවේ එකම සහ පළමු ජනපති

විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් නොව, රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රගමනය සඳහා සක‍්‍රීය ලෙස දායක කරගත හැකි පරිපූර්ණ දරුවන් බිහිකිරීම අපගේ අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. අභිනවයෙන් ඉදිකළ කොළඹ ආනන්ද විද්‍යාලයීය සත්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (07 වැනිදා) පැවැති උත්සවය අමතමින් එසේ කී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. ආනන්දයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත …

Continue Reading

අතීතයට දොස් නොතබා රට ගොඩනැගීමට සුදානම් වන්න..

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. රට ගොඩනැගීමේ අභියෝගය තමා භාරගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව හොඳින් අවබෝධ කරගෙන බව ද එතුමා පවසයි. අද (06) ජනාධිපති කාර්යාලයේදී  වැවිලි සහ මූල්‍ය ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අමතමින් ජනාධිපතිතුමා එසේ ප්‍රකාශ …

Continue Reading

රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී සහ ජනපති අතර හමුවක්

රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය. ජෙනරාල් ඔලෙග් මහතා සමග දිවයිනට පැමිණි රුසියානු හමුදාවන්හි ඉහළ පෙළේ නියෝජිත පිරිස ද අද පැවති හමුවට එක්ව සිටියහ.

Continue Reading

ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නැහැ

සුරක්ෂිත ජීවිතයකට, ස්වාධීන මතයක් දැරීමට සහ පළ කිරීමට හා නිදහසේ සිතීමට සියලුදෙනාට ඇති අයිතිය සුරකින අතර, ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. අද ( 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ පැවති 72 වන ජාතික නිදහස් දින උළෙලේ දී ජාතිය අමතා කථා කළ ජනාධිපතිතුමා තමා සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා බවත්, ඔවුන්ගේ සුබ …

Continue Reading

ගෝඨාගේ දඩයම් ආණ්ඩුව යළිත් ඇඳගෙන නා ගනී.. රන්ජන්ගෙන් ගන්න ගිය ආස්වාදය පැය 24ක් ගෙවෙන්නත් කලින් කුඩු වෙයි..! දැන් ලැජ්ජාව වහා ගන්න වොයිස් කට් කෑලි උස්සන් දඟලයි..

රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ වන විට ගෝඨාට ඡන්දය දුන් සහ නොදුන් ජනතාවට ඔහුගේ ක්‍රියාකලාපය තුලින්ම ඔහු ඇස් පනා පිට ඔප්පු කරමින් සිටින බව පෙනීයයි. …

Continue Reading

සැමට එක ලෙස සතුටින් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟමු

අපේම වූ දැක්මක් සහිත රටක් ලෙස අප අත්පත් කරගත් අතීත ජයග‍්‍රහණ බොහෝය. අප රජයක් ලෙස නව වසරට පා තබන්නේ එකී සකල විධ අනන්‍යතාවන් සහ නිපුණතා නූතනත්වය සමග මුසු කොට පුබුදු කිරීමෙන් සෞභාග්‍යය සාක්‍ෂාත් කර ගැනීමේ පරමාභිලාෂයෙන් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අලූත් අවුරුදු පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ. නව වසර උදාවූයේ …

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නැහැ.. දේපල වෙන්දේසිය වසරකට අත්හිටුවා පමණයි..ඇමති බන්දුල කියයි; එසේනම් ජනතාව ගොනාට අන්දවන්නේ කවුරුන්ද..?

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුවන්නේ යැයි පැතිර යන කතා බොරු බවත් එවැන්නක් සිදුනොවන බවත් මිලියන 300ට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී කිරීමට නියමිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල වෙන්දේසි කිරිම පමණක් වර්ෂයක කාලයක් සඳහා අත්හිටුවීමට පමණක් රජය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන …

Continue Reading

රට වටේ ජනපතිගේ නම විකුණන වංචාකරුවන්..

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයන් වශයෙන් නැතහොත් ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති තැනැත්තන් වශයෙන් වංචා සහගතව පෙනී සිටිමින් නොයෙකුත් ආකාරයෙන් මහජනතාවට වංචා සිදුකරන සහ මහජනතාව වෙත නොයෙකුත් නීති විරෝධී බලපෑම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලැබෙමින් පවතින බව ආරක්ෂ අමාත්‍යංශය පවසයි. එමෙන්ම මෙවන් පුද්ගලයන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් අදාල පොලිස් නිලධාරින් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද එම …

Continue Reading

ජනපති ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

සාර්ථක දැක්මක් සහිත ශ‍්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඒ අනුව සහන ණය ප‍්‍රදානයක් ලෙස ඩොලර් මිලියන 400ක මුදලක් කඩිනමින් ශ‍්‍රී ලංකාවට පිරිනැමීමට කි‍්‍රයාකරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. තවද ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට තවත් ඩොලර් මිලියන 50ක සහන ණයක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා කීය. අද(29) …

Continue Reading