දෙවන පෙළ නායකත්වයක් සමඟින් එජාපයෙන් උද්වේගකර මැයි සැමරුමක් (Videos)

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කල එළි දක්වමින් එම පක්ෂයේ මැයි සැමරුම ඊයේ(06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීය. මෙවර මැයි රැළියක් නොතිබුණු අතර එය මැයි දින සැමරුමකට පමණක් සීමා කර තිබුණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව දෙවන පෙළ නායකයින්ගේ සහභාගීත්වය සහ ඔවුන්ට ලැබුනු පිළිගැනීම කැපී පෙනුණු අතර එජාපයේ ප්‍රබලයින් පිරිසක් මැයි දින සැමරුමට එක් නොවීමද කැපී පෙනුණි. වසර පහක්‌ …

Continue Reading

වැඩකරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කයයි – අගමැති රනිල්

තරගකාරී ලෙස රටේ නිෂ්පාදනය වැඩි කර ලැබෙන ලාබය හාම්පුතුන්ට පමණක් සීමා නොකර ලාබයෙන් කොටසක් වැඩ කරන ජනතාවට ලබා දිය යුතු බවත් වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කිරීම රජයේ ඉලක්කය බැවින් ඒ සඳහා අපනයන ආදායම වර්ධනය කිරීමට රජය සියලු පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල, කැම්බල් පිටියේ ඊයේ (01) පැවැති …

Continue Reading

පැරදුණු පක්ෂය යළි ජයග්‍රහණය කරවනවා; කළ පාවාදීම් අපි දන්නවා – ජනපති

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පසුගිය කාලය පුරා කිසිවක් නොකරමින් පක්ෂයේ ගමන් මඟට බාධා එල්ල කළ උදවිය පක්ෂය සඳහා නව ආසන සංවිධායකරුන් පත්කළ අවස්ථවේ පක්ෂය දෙකඩ කරන බවට තමන්ට චෝදනා කරමින් නිවේදන නිකුත් කළ බවත් අලුත් දේශපාලන පක්ෂ හදාගෙන වෙනත් තැනක ජත්‍යන්තර කම්කරු දිනය පවත්වන අතර තුර මොවුන් මෙම චෝදනා එල්ල කිරීම හාස්‍යයට කරුණක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කුමන අභියෝග …

Continue Reading

මැයි දිනයට ජනතාවගෙන් රැළි සහ පිටි පිරවුණු හැටි (වීඩියෝ)

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල බලය පෙන්වීමේ සටනක්‌ බවට පත්කරගනිමින් ඊයේ (01) ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පවත්වනු ලැබූ මැයි දින රැලිවලට ජනගංගාවන් ගලනු දැකිය හැකි විය. ඇතැම් මැයි පෙළපාලි රැස්‌වීම් අවසන් වනවිටත් නිමාවට පත්වී නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්‌සත් ජනතා …

Continue Reading