දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!
පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …
Continue Reading
ගෝඨාභය සූදානම්ලු! ඔබ සූදානම් ද..?
ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් ඊයේ(13) ප‍්‍රකාශ කළේය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන මතයේ සිටිනවා. සමාජයේ බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හදුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි අර්ථකතනයක් …
Continue Reading
ගෝඨා, ජොනී සහ අර්ජුනගේ නඩු සියල්ල ජනවාරියට කල්යයි; දිනපතා නඩු විභාගයට
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. මෙම නඩුව අද(04) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය. ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. …
Continue Reading
රනිල්ලා ගෙන ඒමට හැදූ ව්‍යවස්ථාවෙන් රට බේරා ගැනීම විශාල භාග්‍යයක්
එදා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිහි කිරීමට මූලිකත්වය ගත්තේ විජාතිකයන්. ඒ විජාතික බලවේගවල න්‍යායපත්‍ර අප රට තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමා ඒ ආණ්ඩුව බිහි කරලීමට ක්‍රියා කළේ. ඒ ආණ්ඩුව පෙරළා දැමූ අවස්ථාවේ සිට ඒ විජාතික බලවේග, විශේෂයෙන් බටහිර විජාතික බලවේග හැසිරුණු ආකාරය දෙස බැලූ විට අපිට හොඳින්ම පෙනෙනවා පසුගිය කාලයේ තිබුණේ කාට වුවමනා විදියේ පාලනයක්ද කියලා. ඔබ සියලු දෙනා දන්නවා පසුගිය …
Continue Reading
විශේෂ මහාධිකරණයට ගෙනාවත් ගෝඨාගේ නඩු කල්යයි!
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට …
Continue Reading
ගෝඨාට එරෙහි නඩුවේ වාරණය තවත් දිගු වෙයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනකුට එරෙහිව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත. අභියාචනාධිකරණයේ අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඔබේසේකර යන දෙපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් …
Continue Reading
ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු වෙනුවෙන් හඩා දොඩා සංදර්ශන පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ කිසිවෙකුත් කැඳවා නොතිබූ අතර ෆොන්සේකා මහතා හොඳ මතකයකින් උත්තර ලබා දී ඇති බවද සඳහන්. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …
Continue Reading
ඝාතන තැතක් ලෙස මෛත්‍රී-ගෝඨා වෙනුවෙන් දෙපිටකාට්ටුවෝ පැළ කරන්න ගිය පුවත විගඩමක් වෙයි (වීඩියෝ)
ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය ආයතනයක් විසින් විශේෂ ප්‍රචාරණයක් ලබාදෙමින් ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සැලසුම් කරන බවට “දූෂණ විරෝධී බලකාය” නැමැති ඊනියා සංවිධානයක් විසින් අද(13) මාධ්‍ය හමුවේ ජවනිකාවක් රඟ දක්වා තිබේ. අප වෙත වාර්තා වන පරිදි මහින්ද ලඟ එක් අඩියකුත්, ජනපති සිරිසේන ලඟ තව අඩියකුත් තබාගෙන නඩු …
Continue Reading
ගෝඨාභය පැය 04ක් පුරා CIDයට උත්තර බඳී..
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව රාජපක්‌ෂ මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය. ඊයේ පෙරවරු 10.00 ට ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 2.00 පමණ වනතුරු ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. කීත් …
Continue Reading
ගෝඨායට අද CIDයෙන් කැඳවීමක්
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත. කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව දෙවැනි වරට ප්‍රශ්න කිරීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද පෙරවරු 10.00 ට මෙසේ කැඳවා ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය. කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් …
Continue Reading