කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් විශේෂ ඉල්ලීමක්

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වේ. ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති. අද (01) …

Continue Reading

සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 11.5හි …

Continue Reading

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි

නිරෝධාන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත්  අත්‍යාවශ්‍ය  සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ට  චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. රාජ සේවා පළාත් සභා හා පළාත් …

Continue Reading

‘ත්‍රස්තවාදයට අනුබල දීම වහා නතර කරන්න‘ – ඉන්දියාව පාකිස්ථානයට අවවාද කරයි

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ පාකිස්ථානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය අවසන් කිරීමට සහ සිය පාලනය යටතේ පවතින සියළු ප්‍රදේශයන්හි ත්‍රස්තවාදී යටිතල පහසුකම් බිඳ දැමීමට විශ්වාසදායක හා ආපසු හැරවිය නොහැකි පියවර ගන්නා ලෙස පකිස්ථානයෙන් ඉල්ලා සිටින ලෙසයි. ජිනීවාහි පැවති මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී නවදිල්ලියට එරෙහිව පදනම් විරහිත චෝදනා කිරීමට පාකිස්ථානය ගත් උත්සාහයට, සිය පිළිතුරු දීමේ අයිතිය …

Continue Reading

මංතීරු නීතියට විරෝධය පා දඹුල්ල ආර්ථිකේට පැමිණි වෙළෙදුන් ආපහු හැරී යයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවළු මිල දී ගැනීමේ දී ඒවා පැටවීමට විශාල කාලයක් මුදලක් වියදම් වන බව පවසමින් පිට පළාත් වලින් පැමිණි වෙළෙන්දන් පිරිසක් එළවළු මිලදී ගැනීමකින් තොරව කලබලකාරී තත්වයක් 01 දින දහවල් ඇතිවිය. එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි කොළඹ, ගම්පහ, මිගොඩ, වැලිසර ආදී ආර්ථික මධ්‍යස්ථාන වල මෙන්ම පිට පළාත් තොග …

Continue Reading

ඉන්දියානු විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයෙන් 2021 ඔක්තෝබර් 2-5 දිනවල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇත. ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, විදේශ ලේකම් ෂ්‍රින්ග්ලා මහතාගේ වැඩ සටහනට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ද හමුවීමට …

Continue Reading

මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය කාටද ?

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය. එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර …

Continue Reading

ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරයේ සිරවී ඇති කිරිපිටි තොග ගැන දැඩි තීන්දුවක්

කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000ක් නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසයි. කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ලක්‍ෂ්මන් …

Continue Reading

ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට

ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට අද (30) දින අත්සන් තබා ඇත. මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි. මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% …

Continue Reading

රට විවෘත කිරීම සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කෙරේ

සීමාවන් සහිතව හෙට (01) අලුයම 4.00 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිතුත් කරනු ලැබීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම අමාත්‍යාංශයේදී  පැවති මාධ්‍ය හමුවකදීය. ඒ සඳහා වන මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරිණි. එය 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් …

Continue Reading