ආණ්ඩුව ඩොලර් දෙන්නෑ – වරයේ සිරවී ඇති කිරිපිටි තොග ගැන දැඩි තීන්දුවක්

Spread the love

කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000ක් නිදහස්කර ගැනීමට දේශීය බැංකු ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හා බංග්ලාදේශය ප්‍රති අපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පවසයි.

කිරිපිටි තොගය නරක් වීමේ අවදානයමක් ඇති වී තිබීම නිසා එසේ ළඟම රටකට ලබාදීමට සාකච්ඡා කළ බවත් එසේ වුවහොත් රටේ තවදුරටත් කිරිපිටි හිඟයක් ඇති වන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස්කර ගැනීම සඳහා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 50ක මුදලක් රාජ්‍ය බැංකු දෙකක් වෙත ඊයේ (29) නිදහස් කළ බව ප්‍රකාශ කළ නමුත් ආනයනකරුවන් හා වරාය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ද අනාවරණය වුයේ පෞද්ගලික බැංකු මගින් ඩොලර් නිකුත්වීම ප්‍රමාදවන බවය.

වාණිජ බැංකු සමඟ අද (30) පස්වරුවේ සාකච්ඡා කළ අවස්ථාවේ ද කිරිපිටි නිදහස් කිරීම සඳහා ඩොලර් ලැබී නොමැති බව බැංකු පැවසූ බව කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා බැංකුවල මුදල් තැම්පත් කර ඩොලර් ලැබෙන තෙක් බලාසිටීමට සිදුව ඇති බව වීරසූරිය මහතා පැවසුවේය.

ඩොලරයක් රුපියල් 238 බැගින් ලබාදීමට ඇතැම් අපනයනකරුවන් යෝජනා කරන බවත් එසේ ඩොලර් රුපියල් 35ක් වැඩියෙන් ලබාගෙන කිරිපිටි තොගය නිදහස් කරගත හොත් කිලෝවක් සඳහා ඩොලර් 4.10 ක අමතර වැයක් වීමෙන් වරායේදීම කිරිපිටි කිලෝවකට රුපියල් 144ක අමතර මුදලක් එකතු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසුවේය

මාස 3කට ආසන්න කාලයක සිට පවතින මෙම කිරිපිටි හිඟයට මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන්  ජනතාවට පසුගිය දින කිහිපය පුඑාම කිරිපිටි මිලදීගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නය ලැබුණි.

Related Posts