මංතීරු නීතියට විරෝධය පා දඹුල්ල ආර්ථිකේට පැමිණි වෙළෙදුන් ආපහු හැරී යයි

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවළු මිල දී ගැනීමේ දී ඒවා පැටවීමට විශාල කාලයක් මුදලක් වියදම් වන බව පවසමින් පිට පළාත් වලින් පැමිණි වෙළෙන්දන් පිරිසක් එළවළු මිලදී ගැනීමකින් තොරව කලබලකාරී තත්වයක් 01 දින දහවල් ඇතිවිය.

එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ සිටි කොළඹ, ගම්පහ, මිගොඩ, වැලිසර ආදී ආර්ථික මධ්‍යස්ථාන වල මෙන්ම පිට පළාත් තොග වෙළෙන්දෝ මෙසේ සිය විරෝධය ප්‍රකාශ කරමින් ගොවීන් රැගෙන ආ එළවළු මිලදී නොගෙන ඉවත්ව තම එළවළු පැටවීම සඳහා වෙළඳ සැල අසලටම  ලොරි රථ ගමන් කිරීම සඳහා අවසර ඉල්ලා ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් ව සිටියහ.

වෙළෙන්දන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි රථගාලේ හිස් ලොරි නවතා වෙළඳ සැල් තුළින් මිලදී ගන්නා එළවළු තොග  කම්කරුවන් සහ කරත්ත යොදාගෙන ලොරි වෙත රැගෙන යෑම ද වෙළඳ සංගමය තීරණය කොට ඇති බව වෙළෙන්දෝ කියති.

එම තීරණය නිසා තමන්ට කරදර සිදු වන බවත් අධික වියදම්ක් යන බවත් එළවළු බෑම පැටවීම අවස්ථා කිහිපයක් සිදුකිරීම් නිසා එළවළු පසු අස්වනු හානියට ලක් වන බව ඔවුන් පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය මහ නගර සභාව ආර්ථික මධ්‍යස්ථාන  කළමණාකරන  භාරය මගින් රථවාහන සැලැස්මක් සංවිධානය කොට තිබිණි

ආර්ථික  මධ්‍යස්ථානයට එළවළු අලෙවි කිරීම් සඳහා අරැගෙන එන ගොවීන් තම  නිෂ්පාදන ප්‍රධාන මාර්ගයේ තබාගෙන දිනකට පැය හතක් 10ත් අතර කාලයක් රැඳී සිටීමට සිදුව ඇති බවත්  එළවළු මිල දී ගන්නා ව්‍යාපාරිකයන්ගේ පැටවීමේ ලොරි රථ ආර්ථික  මධ්‍යස්ථානය තුළ තැන් තැන ගාල් කිරීම් හේතුවෙන්  සියලු මිලදී ගැනීම් සඳහා එන ලොරි රථ ආර්ථක  මධ්‍යස්ථානයේ රථ ගාලේ නවතා කරත්ත මගින් පැටවීම සූදානම් කර ඇති බව වෙළෙඳ සංගමයේ  සභාපති යූ. බී.  ඒකනායක මහතා පැවසීය

කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීම සඳහා දුර පළාත්වලින් පැමිණ සිටි මහා පරිමාණ වෙළෙන්දන්  මෙදින එළවළු මිලදී ගැනීමකින් තොරව ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටව යන්නට විය.

ඔවුන් වෙනත්  ආර්ථික මධ්‍යස්ථාන වලට ගොස් එළවළු  මිලදී ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කරගන්න බව සඳහන් කර සිටියහ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ  සභාපති යූ.බී. ඒකනායක මහතා කියා සිටියේ ගොවීන්ට සිදුවන හිරිහැර කරදර නිසා මෙම තීරණයට එළඹි බවත් මෙම තීරණය ක්‍රියාත්මක කොට ඉන් සිදුවන හානි අත්දැකීමක් ලෙස ලබාගෙන ඉදිරියේදී එම නීතිය සංශෝධනය කිරීම්ට හැකි වන බවය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts