දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතුයි- ඉන්දීයාව කියයි

දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදය රාජ්‍ය පාලනයක් නොවේ; එය හුදෙක් තවත් ත්‍රස්තවාදයක් පමණි. දේශගුණික විපර්යාස සහ වසංගත වැනි ගැටළු සම්බන්ධයෙන් පමණක් නොව දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට එරෙහිව බරපතල ලෙස එක්සත් වන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. “දේශසීමා හරහා සිදුවන ත්‍රස්තවාදය රාජ්‍ය පාලනයක් නොවේ; එය හුදෙක් තවත් ත්‍රස්තවාදයක් පමණි.” …

Continue Reading

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් නාරවානේ දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ඔක්තෝබර් 12 සිට 16 දක්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් එම් එම් නාරවාන(MM Naravane) අඟහරුවාදා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගිය බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි. මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් හමුවීමට නියමිත අතර එහිදී දෙරට අතර ආරක්‍ෂක සබඳතා ඉහළ නැංවීම සඳහා …

Continue Reading

ගුරු-විදුහල්පති ‘ගැටලුවලට අදියර දෙකකින් විසඳුම්‘

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය. වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි. අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ …

Continue Reading

පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරයි

සයිබර් ආරක්ෂණ නීති පැනවීමට පනත් කෙටුම්පත් දෙකක් 2022 අයවැය වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම සම්පූර්ණ නිල නිවේදනය පහත පළ වෙනවා.

Continue Reading

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම ඇරඹෙයි

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල හෙටින් (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11)  පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ. අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදා හැරීම ආරම්භ කීරිමට ද සෙසු දිස්ත්‍රික්කවලට ඊට සමගාමීව පොහොර බෙදා හැරීමට ද මෙම රැස්වීමේදී තීරණය කෙරිණ. අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ ප්‍රමුඛතාව …

Continue Reading

පොහොර නැතිනම් ලබන කන්නය බෑ – දේශීය ලොකු ලූණු ගොවීන්ගෙන් රතු එළියක්

දේශීය ලොකු ළූණු වගාකරුවන්ට මේ කන්නේ ඉහළ  ආදායමක් ලැබෙන නිසා  ඉදිරි කන්නට සූදානම් කිරීම ඒ අයට තෙල් පොහොර ටික ලබා දීම රජයේ වගකීමක්” දේශීය ලොකු ළූණු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් 150ක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි සති කිහිපය වන විට දේශීය ලොකු ළූණු කිලෝව රුපියල් 200 ඉක්මවන  වන  මිලක්  ඉහළ යා හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ …

Continue Reading

ලෝකයේ හොදම සංචාරක ගමනාන්ත අතර 5 වැනි තැන ශ්‍රී ලංකාවට

ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රි ලංකාවත් එක්වෙයි. Conde Nast Traveler සගරාව විසින් පවත්වනු ලැබු Readers Choice 2021 ශ්‍රේණිගත කිරිම් වල දී ශ්‍රී ලංකාව 05 වෙනි ස්ථානය හිමිව තිබේ. පළමු ස්ථානයට පත් ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙලින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත. ශ්‍රී ලංකාව ලෝකයේ හොදම සුවතා ගමනාන්තයක් …

Continue Reading

ඉන්දියාව සහ චීන හමුදා සාකච්ඡා බිඳ වැටෙයි !

නැගෙනහිර ලඩාක්හි ඩෙප්සාං සහ හොට් ස්ප්‍රින්ග්ස් වැනි ප්‍රදේශ පිළිබඳ සාකච්ඡා වල ඉදිරි ගමනක් නැත නැගෙනහිර ලඩාක්හි ගැටලුව විසඳීම සඳහා ඉන්දියානු පාර්ශවයේ ඉදිරි දැක්මක් සහිත ඵලදායී යෝජනා පිළිබඳ චීන පාර්ශවය එකඟ වීම නොවීම හේතුවෙන් ඉන්දු-චීන රාජ්‍යයන්හි හමුදා සේනාංකාධිපති මණ්‌ඩල රැස්වීමේ 13 වන වටයේ සාකච්ඡා බිඳ වැටුණි. මෙම සාකච්ඡා වටයේදී ඉන්දියානු පාර්ශවය ඉතිරි වූ ප්‍රදේශ විසඳීම සඳහා ඵලදායී යෝජනා ඉදිරිපත් කළ නමුත් …

Continue Reading

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල අනාගතය කොයිබටද ?

ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රින්ග්ලාගේ මෑතකාලීන ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් දෙරට මුහුණ පා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියාවට හැකි විය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඕනෑම ඉහළ මට්ටමේ හුවමාරුවක් යනු ද්විපාර්ශ්වික සබඳතාවල බහු-පැති ස්වභාවය පිළිබිඹු කිරීමක් පමණක් නොව,දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ පුළුල් විෂය පථය ඉස්මතු කර දැක්වීමකි.ඓතිහාසික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන හා ආරක්‍ෂක සබඳතා ඇති සමීප ඉන්දියන් සාගරයේ අසල්වැසියන් ලෙස, 2021 …

Continue Reading

අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති සම්බන්ධව පුළුල් විමර්ශනයක්

2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය. ඒ පිළිබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ අදහස් දැක්වීය. 2019 අංක 24 …

Continue Reading