මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම ඇරඹෙයි

Spread the love

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙල හෙටින් (13) ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (11)  පැවැති රැස්වීමකදී තීරණය කෙරිණ.

අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදා හැරීම ආරම්භ කීරිමට ද සෙසු දිස්ත්‍රික්කවලට ඊට සමගාමීව පොහොර බෙදා හැරීමට ද මෙම රැස්වීමේදී තීරණය කෙරිණ.

අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකඟතාවක් ඇති විය.

දැනටමත් තමන්ට අවශ්‍ය පොහොර නිෂ්පාදනය සඳහා රජයෙන් ලබා දෙන ආධාර මුදල් ලබා ගෙන ඇති ගොවීන් හැර සෙසු ගොවීන්ට අවශ්‍ය කාබනික ඝන පොහොර ඒ ඒ ප්‍රදේශවල ගොවිජන මධ්‍යස්ථානවලින් ලබා ගැනීමට හැකි වන පරිදි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම කාබනික ඝන පොහොර ප්‍රවාහනය කර ගැනිමටත් ඊට අමතරව ජෛව දියර පොහොර හා කාබනික නයිට්‍රජන් සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම ගොවීන්ට ලබා  හැකි වන පරිදි ගබඩා කර තැබිය යුතු බවට ද මෙම රැස්වීමේදී තීරණය කෙරිණ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරු දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු හා දිස්ත්‍රික් පොහොර නිලධාරින් ඇතුළු කෘෂිකර්ම  අමාත්‍යාංශයේ හා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉහළපෙළේ නිලධාරින් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

Related Posts