ශ්‍රී ලංකාව නිසා ඇමෙරිකාව – චීනය යළි පැටලෙයි

උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත්කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන තරගය මධ්‍යයේ තවත් මතගැටුමක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය උද්ගත වූයේ, චීන මහජන විමුක්ති හමුදාව (PLA) හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරීත්වය පිළිබඳව පෙන්ටගනය හෙවත් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් අනතුරුවයි. පෙන්ටගනයෙන් කොංග්‍රසයට වාර්තාවක් පෙන්ටගනය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය වෙත 2021 වර්ෂය …

Continue Reading

සපුගස්කන්ද වසා දැමීම ගැන බලශක්ති ඇමැති කළ හෙළිදරව්ව

බොරතෙල් ගෙන්වීම තාවකාලිකව නවත්වා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට  දින 50 ක් වසා තැබෙනු ඇති බවත් ණය පහසුකම් ලබාගෙන ඩොලර් හිඟය මඟහරවා ගත් වහා නැවත බොරතෙල් ගෙන්වීම අරඹා තෙල් පිරිපහදුව නැවත පණගන්වන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා කිවේය. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද (15) බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේ …

Continue Reading

රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00  සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

Continue Reading

සජබ උද්ඝෝෂණයට වාරණ නියෝග ඉල්ලූ කොළඹ පොලිසි 18ක ඉල්ලීම ඉවතට

ජන බල වේගය කොළඹට’ යන මැයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (16) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා ලෙසට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසි 18ක් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) ප්‍රතික්ෂේප කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ අටකින් පොලිස් ස්ථාන 20ක් මෙම ඉල්ලීම සිදුකර තිබූ අතර, ඉන් පොලිස් ස්ථාන 18කින් ඉදිරිපත් කළ ඉල්ලීම් එසේ ප්‍රතික්ෂේප විය. බ්ලූමැන්ඩල්, …

Continue Reading

කොවිඩ් පාලනය වෙලාද ? නැවත රැල්ලක් ඇති වෙයිද ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්ච තීරණ නව කොරෝනා රැල්ලකට අත වනනවා රවී කුමුදේශ් – සභාපති – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනය කොවිඩ් මේ මොහොතේ පාලනය වෙලා තියෙනවද කියන එකටත් වඩා කොහොමද මේ තතත්ත්වය ඇති වුනේ කියන එක තමයි අපිට වැදගත් වන්නේ. ඒකට හේතු කිහිපයක් බලපාන්න පුළුවන් වාර්තා වෙන දත්ත අනූව ජනගහනය අධික ප්‍රධාන දිස්ත්‍රික්ක වල පමණක් මෑත කාලයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව …

Continue Reading

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් රැසක් විදේශීය ජාවාරම්කාරයින්ට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය. දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබී ඇති මොහොතක ඉන්දියාව,  පාකිස්තානය, ඊජිප්තුව හා ඕලන්දය යන …

Continue Reading

අය වැය කා සඳහාද ? කුමක් වෙනුවෙන් ද ? – චම්පිකගේ විශේෂ විග්‍රහය

2022 අය වැය – පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ඉබ්බාට පියාසර කිරීමත් රාජපක්ෂලාට රාජ්ය පාලනයත් කළ නොහැක. ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ අර්බුද ගණනාවක හිණිපත්තේ සිටිනා බව නොරහසකි. ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ගත් ණය ඇයට ගෙවිය නොහැකි වනු ඇතැයි වැදගත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් දැනටමත් පුරෝකථනය කර ඇත. රටේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන සෘණ 3.6 කි. ආර්ථික කළමණාකරණයේ මර්මස්ථානයක් …

Continue Reading

කොවිඩ් ආසාදිතයින් සහ මරණ ඉහළ යාම ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇගයීම්

එන්නත් ලබාදුන්නත් දිනෙන් දින ඉහළ යන කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව කඩිනමින් පාලනය නොකළ හොත් ඉදිරියේදී රට නැවත බරපතළ අර්බුදයක් කරා ගමන් කරනු ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවති. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ COVID රෝගීන් රෝහල් ගත කිරීමේ සුළු වැඩිවීමක් පවතින බවයි. “මෙය ඇත්ත වශයෙන්ම අනතුරු ඇඟවීමේ සංඥාවක්. තත්වය නරක අතට හැරීමට පෙර …

Continue Reading

වාහන ගෙන්විමේ තහනම තවත් මාස හයක්

වාහන ආනයනයට තව මාස හයක් හතක් යනතුරු අවසර නොලැබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවැසීය. මොටර් රථ ආනයනය කිරීම සදහා මොහොතේදී ප්‍රමුඛත්වය දැක්විය යුතු යැයි තමා නොසිතන බවද ආටිගල මහතා සඳහන් කළේ‍ය.

Continue Reading

හෙක්ටයාර් දෙකකට වැඩිනම් ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

වගා හෙක්ටයාර දෙකකට වඩා ඇති ගොවීන් සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මීට පෙර ගිනි අවි බලපත්‍ර ලබා දුන්නේ හෙක්ටයාර පහකට වඩා වගාවන් ඇති ගොවීන්ට පමණක් බව කී අලුත්ගමගේ මහතා වල් ඌරන් වැනි වන සතුන්ගෙන් වන හානිය ඉතා ඉහල බවට ගොවීන්ගෙන් ලද පැමිණිලි සලකා බලා ඉහත තීරණය ගත් බව සඳහන් කළේය. …

Continue Reading