දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් රැසක් විදේශීය ජාවාරම්කාරයින්ට

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය.

දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළෙඳ පොළට ලැබී ඇති මොහොතක ඉන්දියාව,  පාකිස්තානය, ඊජිප්තුව හා ඕලන්දය යන රට වලින්  ලොකු ළුෑණු ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගසා අඩු මුදලට අලෙවි කිරීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

කාබනික වගා ක්‍රම්ය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ දේශීය ලොකු ළුෑණු වගාව ආරම්භ කළ ද එහි අස්වැන්න අලෙවි කර ගැනීමට යද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පාකිස්තථානයෙන් සහ ඉන්දියාවෙන් ලොකු ලූණු විිශාල වශයෙන්  ගෙන්වා  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට අසූවක් පමණ වෙළඳසැල්වල ගොඩ ගසා ඉතා අඩු මුදලකට අලෙවි කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම් නිසා තමන්ට ඉදිරියේදී දේශීය ලොකුළ ලූනු වගාවෙන් ඉවත් වීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  පාකිස්ථානයෙන් ගෙන්වා ඇති ලොකු  ලොකු ළුැණු කිලෝවක් රුපියල් එකසිය 110 – 115 ත් අතර මිලකට අලෙවි කරන බව ද ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ලොකු ළුෑණු රුපියල් 160 ක මිලකට අලෙවි කරන බවද අනෙකුත් රටවලින් ගෙන්වන ලද ළුෑණු රු 110 සිට 120 දක්වා අලවි කරන බව  පෙන්වා දෙන ගොවීන් දේශීය ලොකු ළුෑණු සඳහා රුපියල් 130 ක 180ක මිලක්  ගොවීන් ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් තම ලොකු ළුෑණු මිලදී ගැනීමකින් තොරව අඩු මුදලට ඇති පකිස්තානයෙන් ගෙන් වූ ළුැණූ මිලදී ගැනීම සිදු කරන බව ද දේශීය ලොකු ළුෑණු ගොවියෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුැණු ගෙන්වන බොහෝ ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්තථානයෙන් ගෙන්වා ඇති ළුැණූ වල මිල අඩුවීම නිසා ඒවා ට ඉල්ලුම පවතින බවය.

ඉන්දියාවෙන් ගෙන්වා  ඇති ළුැණු සහ පාකිස්තානයෙන් ගෙන්වා  ඇති ළුැණු වලට    ඉල්ලුමක් පැවැතියද දේශීය ලොකු ළුෑණු සඳහා ද ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බවද ඇතැම් තවත් ව්‍යාපාරිකයන් පිරිසක් අප සමග පැවසූහ.

කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු වගා කළ ගොවීන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ දින ගණනාවක් තම දේශීය ලොකු ළුෑණු අලෙවි කර ගැනීමට නොහැකිව සිටින බව ද තවත් ඕනෑතරම් නිෂ්පාදන ගබඩාවල, තම නිවෙස් වල ගොඩගසාගෙන සිටින බව දේශීය ලොකු ළුෑණු ගොවීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

දේශීය ලොකු ළුෑණු මෙන්ම අනෙකුත් වගාවන් සඳහා කාබනික පොහොර නිර්දේශ කොට රසායනික කිසිදු ද්‍රව්‍යයක් දේශීය වගා කරන සියලු වගාවන්ට  රසායනික පොහොර හෝ කෘමි නාශකයක් යෙදීම කින් තොරව වගා කෙරෙන ලෙස උපදෙස් ලබා දී රජය ව්‍යාපාරිකයන් සමඟ එක්ව මෙරට දේශීය වගා කරන බෝග  නිෂ්පාදන වෙළඳපොළට එද්දී කිසිදු සොයා බලමින් තොරව විදේශ රටවල වගා කරන  ආහාර ද්‍රව්‍ය මෙරටට රැගෙන එන්නේ කාබනික රසායනික හෝ කුමන  ආකාරයකට වගා කළ ඒවා ද යන්න සොයා බැලීමකින් තොරව බවත් ආහාරයට ගැනීමට පවා නුසුදුසු කන්ටේනර් පෙට්ටි වල ඇති ළුැණු තොග මෙරටට ගෙන්වා ජනතාවට ආහාර සඳහා ලබාදීම සිදුකරන බවද දේශීය ලොකු ළුෑණු වගාකරුවෝ චෝදනා කරති.

දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරික ප්‍රජාව ද දේශීය ගොවීන් ආරක්ෂා කිරීම් සඳහා බව පවසමින් ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙළඳසැල් ලබාගෙන එහි අරමුණු පවා වෙනස් කොට වෙළෙඳ  ස්ථාන පාකිස්ථානය, ඉන්දින්දියාව වැනි අනෙකුත් රටවල ගොවීන්ගේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට දඹුල්ල පත්කොට ඇතැයි ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියයට හැත්තෑවක් පමණ මේ වන විටත් විදදේශීය රටවලින් ගෙන්වා ඇති අල, ළුෑණු සහ අනෙකුත් ද්‍රව්‍ය සඳහා වර්ග රැසක් ගොඩ ගසා ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමයේ සභාපති යු. බී. ඒකනායක මහතාගෙන් අප මේ පිළිබඳවව විමසීමේ දී කියා සිටියේ විවෘත වෙළඳපළ නිසා ඕනෑම භාණ්ඩයක් ගෙන්විත්  අලෙවි කිරීම්ට හැකි හැකියාව පවතින බව ය. ඒ අනුව  පාකිස්ථානය සහ අනෙකුත් රටවල් ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමියන් සමග ලොකු ළුෑණු ගෙන්වා අලෙවි කරන බවද ඒ මහතා සඳහන් කළේය.

දඹුල්ල ආර්ථථික මධ්‍යස්ථානයට විදේශීය ලොකු ළුෑණු, අර්තාපල් ආදී ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වූ එම්. අයි. එම්. කෙයාස්  මහතාගෙන් විමසීමේදී කියා සිටියේ ඉන්දියාවේ සිට ලංකාවට ලොකු  ළුෑණු කිලෝවක් ගෙන්වීම සඳහා 165ක මුදලක් ද පාකිස්ථානයෙන් ලංකාවට ලොකු ළුණු ගෙන්වීමේදී කිලෝවකට රුපියල් 135ක මුදලක්ද ඕලන්ද ළුෑණු කිලෝ එකක් ගෙන්වීමේදී රුපියල් 150ක මුදලක් ද  තුර්කියෙන් ලොකු ළුණු ගෙන්වීමේදී රුපියල් 130ක මුදලක් වැය වන බව ය.

කෙසේ වෙතත්  දේශීය ලොකු ළුෑණු ගොවීන් ප්‍රශ්න කර සිටින්නේ රුපියල් එවැනි වැඩි මුදලක් වියදම් කොට මෙරටට ලොකු ළුෑණු ගෙන්වා  රුපියල් 110 ක අඩු මුදලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විදේශීය ලොකු ළුෑණු අලෙවි කරන්නේ කෙසේද යන්නය.

එ සේ නම් මෙම ලොකු ළුැණු කන්ටේනර් සමග වෙනත්  දේ  ලැබෙනවා දැයි දේශීය ලොකු ළුෑණු ගොවීන් රජයෙන් ප්‍රශ්න කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළඳ සැල් රැසක මේවන විට පාකිස්තානය, තුර්කිය,  ඉන්දියාව, සහ ඕලන්ද රටවලින් ගෙන්වා ඇති ලොකු ළුෑණු තොග අලෙවි කිරීම සිදු කෙරෙන නිසා අප එම වෙළඳ සැල් වලට ගොස් විමසීමක් කළේමු.

එම ලොකු ළුෑණු  අලෙවි කිරීම සහ මිල උස් පහත් වීම සම්බන්ධයෙන්ය එම වෙළඳ සැල් පවත්වාගෙනගෙන යන සියලු දෙනාම මෙන් කියා සිටියේ තමන් එම  ලොකු ළුෑණු විදේශ රට වලින් ගැන්වීමක් සිදු නොකරන බවත් වෙනත් අතරමැදි කණ්ඩායමක් ගෙන්  කොමිස් පිට අලෙවි කිරීම සිදු කරන බවය.

තවත් පිරිසක් කියා සිටියේ පාකිස්ථානයේ සිටින ව්‍යාපාරිකයන් මෙරට තම වෙළෙඳ සැල්වලට ලොකු ළුෑණු ඒවා ඒවා අලෙවි වීමෙන් පසු ඔවුන්ගේ ගිණුම් වලට පකිස්ථානයට මුදල් යැවීම සිදු කරන බවය.

මුදල් වියදම් කිරීමකින් තොරව විදේශීය ලොකු ළුෑණු තමන් අලෙවි කරන බවත් මෙම වෙළෙඳුන් පැවසූහ. කෙසේ වෙතත් මෙම සෑම වෙළඳසැලකම  දේශීය එළවළු, පලතුරු අලෙවි කිරීම සඳහා රජය සමග ගිවිස ගෙන වෙළඳසැල් ලබා ගෙන තිබෙන බවත් හෙළිදරව් විය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳසැල් දෙකට බෙදාගෙන විදේශීය රටවල  ව්‍යාපාරිකයන්ට ලබාදී ඇති බව ද තොරතුරු අනාවරණය වීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කලමනාකරණ භාරයේ  කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාර රැසක් ගිවිසුමෙන් තොරව  අතුරු බදු  ලබා දී  තිබෙන බවට කළමණාකරන භාරයට පවා හෙළිදරව් වී තිබෙන බවත් ඒ අනුව දේශීය ගොවියාට ආර්ථික මධ්‍යස්ථානය අහිමි වීමේ අවධානමක් පවතින බවත්ය. ඉදිරියේදී කළමණාකරන භාරය තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ඒ මහතා කීවේය. කෙසේ වෙතත් දේශීය ලොකු ළුැණු ගොවියාට සාධාරණයක් ඉටු කරදීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන බවද සඳහන් කළේය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts