සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි
-
Editor
-
January 5, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
Continue Reading
ඩොලර් බිලියන ගණන් තියෙනවා නම් වරායයේ තෙල් නැව් ගොඩබාන්න – චම්පික කළ අභියෝගය
නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (5) අනාවරණය කළේය. ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක් පැමිණෙන බැවින්, ආණ්ඩුවට ලැබුණාය කියන ඩොලර් වලින් අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු කොට පෙට්‍රල් ඩීසල් හිඟය මග හරවා ගන්නා …
Continue Reading
ඩොලර් නැතිව ණයට ගෙනා අල – ළූණුවලින් දඹුල්ල ආර්ථිකේ ගබඩා පිරෙයි
විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ළූණු සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් ඉවත් කිරීමත් සමඟ දඹුල්ලේ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකු ලූණු විශාල ආනයනය කර තිබේ. ඒ අනුව පසුගිය මාසයේ අලෙවි වු මිලට වඩා අර්තාපල් මිල ඉහළ ගොස් ලොකු ලූණු මිල තරමක් පහත වැටීම සිදු වී තිබේ. එහෙත් අල – ලුණු ගෙන්වන වෙළෙන්දෝ කියා සිටින්නේ බදු …
Continue Reading
ඇතැම් පළාත් සභා රෝහල් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට අවධානය
පළාත් සභා පාලනය යටතේ මේ වන විට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මහියංගණ මූලික රෝහල සංවර්ධනය කරමින් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද …
Continue Reading
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ධුරයෙන් ඉවත් කෙරේ
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ. සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.
Continue Reading
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් වෙයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ. කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි. …
Continue Reading
ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි
වසර ගණනාවක් පාකිස්ථානයේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය පහව ගිය පසු ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි. යුනෙස්කෝ නිර්මාණාත්මක නගර ජාලයේ (UCCN) ශිල්ප හා ජන කලා කාණ්ඩයේ සිට ඉන්දියාවේ පිරිසිදු නගර 50 අතර පිරිසිදුම නගරය ලෙස නැගී සිටීම දක්වා – ශ්‍රීනගර් 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසු නව පරිච්ඡේදයක් ලියයි. අධ්‍යාපනය වැනි අංශ ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන …
Continue Reading
කසුප් රජු සිටියා නම් පාලකයන්ගේ හිස ගසා දමනවා
ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති. සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. ලෝක උරුම බිම්කඩක් බවට නම් කළ ස්මාරකය ද මේ වන විට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. සීගිරිය නව …
Continue Reading
ඩෙල්ටා අභිබවා ‘ඔමික්‍රොන්‘ පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි
ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට Omicron පත්වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය නදීකා ජනගේ මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නදීක ජනගේ පැවසුවේ ප්‍රජා සහ රෝහල් පද්ධතියෙන් ද Omicron රෝගීන් අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. “MRI හි හඳුනාගත් Omicron රෝගීන් දස …
Continue Reading
ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට
කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ තමන් විසින් 2013 සහ 2015 වසරවල සිදුකළ පරීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් 1.1%ක් දෘෂ්‍යාබාධිත බව අනාවරණය වූ බවයි. “ඉන්දියාවේ 0.47%ක් සහ නේපාලයේ 0.34%ක් අන්ධභාවයක් වාර්තා …
Continue Reading