දඹුල්ල ආර්ථිකේ නාඩිකරුවෝ රජවෙලා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති. අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා එළවළු මිලෙහි අඩුවීමේ වාසිය මෙතෙක් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ඇතැම් කණ්ඩායම් සහ …
Continue Reading
අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා
තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09) එය විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා, “ජනාධිපතිතුමා චීන විදේශ ඇමතිතුමා සමග වරාය නගරයේ ඉදිකරන ලද මං පෙත විවෘත …
Continue Reading
ජනපති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ …
Continue Reading
ඉන්දීය ධීවරයින් – බෝට්ටු රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා
-
Editor
-
January 7, 2022
-
විදේශීය
-
featured
-
0 Comments
අත්අඩංගුවේ පසුවන ධීවරයින්ට යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ සහය සපයා තිබේ පසුගිය වසරේ දෙසැම්බර් 18 සහ 20 අතර ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 68 දෙනෙකු සහ බෝට්ටු 10 ක් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. “මෙම අත්අඩංගුවේ පසුවන ධීවරයින්ට යාපනයේ පිහිටි අපගේ කොන්සල් ජනරාල් කාර්යාලය මගින් අවශ්‍ය සහය සපයා …
Continue Reading
රසායනික අවි භාවිත කිරීමේ චෝදනා: ඉන්දියාවෙන් දැඩි ස්ථාවරයක්
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී (UNSC) ඉන්දියාව ප්‍රකාශ කළේ කලාපය ඇතුළුව ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයින් රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාවට එරෙහිව රට නැවත නැවතත් අනතුරු අඟවා ඇති බවයි. සිරියාව (රසායනික අවි) පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ටී.එස් තිරුමූර්තිගේ ප්‍රකාශයක් පැවසුවේ ISIL සිරියාවේ ක්‍රියාකාරීව සිටීමෙන් පසුව, කණ්ඩායම සිය සටන් හැකියාවන් නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන …
Continue Reading
‘ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරන බව සෞඛ්‍ය ඇමති කියයි
පළමු සහ දෙවන මාත්‍රාවට අමතරව පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා බූස්ටර් මාත්‍රාව ද අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ QR කේතයක් සහිත නව එන්නත් කාඩ්පතක් සහ එන්නත් කිරීමේ යෙදුමක් ළඟදීම හඳුන්වා දෙන බවයි. “එමගින්, පොදු ස්ථානවලට ඇතුළු වන පුද්ගලයින්ට COVID එන්නතක මාත්‍රා තුනක් අනිවාර්ය කරනු ඇත,” ඔහු පැවසීය. …
Continue Reading
‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’ – මැලේරියා මර්දන ව්‍යාපාරය
විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්‍යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන් විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට අසන්නට ලැබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන කොවිඩ් වසංගතය සමඟ මැලේරියාව පිළිබඳව ද අසන්නට ලැබේ. වාහකයෙකු මඟින් බෝ වන මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ ද නැවත …
Continue Reading
චිලි ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියට 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පත්වේ !
මේ සෑම වෙනසක්ම සිදු කිරීමට මුලින්ම පෙරමුණ ගනු ලැබුවේ තරුණ අපයි. ඒ නිසා රටේ අනාගතය තීරණය කරනු ලබන රටේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර සැමට යුක්තිය හා සමානාත්මතාවය ඉටු කිරීමේ වගකීමෙන් පලායාමට අපට හැකියාවක් නෑ ලොව පුරා ලිබරල් බුද්ධිමතුන්ගේ සහයද ලබාගනිමින් චිලියේ කොමියුනිස්ට් පක්‍ෂයේ සහය ලැබූ වාමාංශික පෙරමුණේ නායක Gabriel Boric පසුගිය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසුව ඔහුට පැවරී ඇති ප්‍රධාන කාර්‍යය …
Continue Reading
වී කිලෝවකට රුපියල් 75ක සහතික මිලක්
වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය. මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් …
Continue Reading
‘සියදිවි නසා ගැනීමට සහාය ගැනීම‘ ඔස්ට්‍රියාව නීතිගත කරයි
ඕස්ට්‍රියාව සියදිවි නසා ගැනීමට සහාය ගැනීමට ඉඩ දීමේ නීතිය බලාත්මක කර තිබේ. මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ සදාකාලික බෙලහීන තත්ත්වයට පත්වූ වැඩිහිටියන්ට සසහාය දිවි නසා ගැනීම (assisted suicide) තෝරාගැනීමට ජනවාරි පළමු දා සිට විධිවිධාන සැලසිනි. දෙසැම්බර් මාසයේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණ තීන්දුවක් නිකුත් වීමෙන් පසුව, පාර්ලිමේන්තුව මෙම නව නීතිය අනුමත කළේ ය. මෙම ක්‍රියාවලිය දැඩි ලෙස නියාමනය කෙරෙන අතර, එක් එක් …
Continue Reading