වී කිලෝවකට රුපියල් 75ක සහතික මිලක්

Spread the love

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවීමට රජය තීරණය කර ඇති බවය. මේ අතර වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ ද වගා හානි සඳහා රුපියල් මිලියන 5000ක් ගෙවා ඇති බවද සඳහන් කළේය. ඒ අනුව මේ වසරේ ද හානි සඳහා වන්දි ගෙවන බවද අමාත්‍යවරයා කීවේය.

Related Posts