දඹුල්ල ආර්ථිකේ නාඩිකරුවෝ රජවෙලා

Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ පළාත් වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබී තිබුණ ද පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය  මිල වෙනස් කොට අලෙවි කිරීම් සිදුවන බව ආර්ථර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දෝ පවසති.

අතරමැදි වෙළඳ කණ්ඩායම් ඉතා සන්විධාත්මකව හිසඑසවීම නිසා එළවළු මිලෙහි අඩුවීමේ  වාසිය මෙතෙක් පාරිභෝගික ජනතාවට ලබා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ඇතැම් කණ්ඩායම් සහ වෙළඳසැල් ගොවීන්ගේ එළවළු ගොවියා සමඟ සාකච්ඡා කොට සාධාරණ මිලකට අලෙවි කිරීම ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවෙද්දී ගොවීන් රැගෙන එන එළවළු අතරමැදි කණ්ඩායම් ලවා ගොවීන්ගෙන් මිලදී ගෙන ආර්ථික මධ්‍යස්ථානයේ වෙනත් වෙළඳස සැල්වල සහ එළියේ  තබාගෙන ඒවා කොටස් කොට නැවත නැවත අවස්ථා කීපයකදීම අලෙවි කිරීම නිසා මේ ආකාරයෙන් මිල ඉහළ යන බව මිලදී ගැනීම් සඳහා එන වෙළෙඳුන් වැඩිදුරටත් පෙන්වා දෙති.

එමෙන්ම  ගොවීන්ගෙන් එළවළු ලබාගෙන අලෙවි කිරීම් සඳහා ආර්ථික මධ්‍යස්ථානට පැමිණෙන අතරමැදි කණ්ඩායම් ද මිලදී ගන්නා අයට එක මිලක් එමෙන්ම ජනමාධ්‍යවේදීන් විමසීමේදී තවත් මිලක් සහ අලෙවි කිරීමේ දී තවත් මිලක් නියම කරති. මෙම හේතුව නිසා එළවළු මිල යම් මට්ටමකින් ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ඔවුහු මෙම උපක්‍රමශීලී ක්‍රමවේදය උපයෝගී කරන බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී එම අතරමැදි කණ්ඩායම් කියා සිටියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ආවේණික අතරමැදි වෙළඳ කණ්ඩායම් නිසා ආර්ථික මධ්‍යස්ථානයේ මිල ඉහළ යෑම සිදුව ගොවියාට සාධාරණයක් සිදුවන බවයි.

කෙසේ වෙතත් තමන් සහ වෙළෙන්දන් අතර උණුසුම් තත්වයත්වයන්ද විටින් විට ඇතිවෙන බව ඔවුහු පවසති. එවැනි උණුසුම් වූ අවස්ථාවක් අද (09) දීන උදෑසන ද අපට දැක ගැනීමට හැකි විය.

එළවළු තොග ලබාගෙන සිල්ලරට අලෙවිකරණ වෙළෙන්දෙකු කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ අතරමැදි වෙළඳ කණ්ඩායම් ක්‍රියාත්මක වීම නිසා මෙම බරපතළ තත්ත්වය උදාවී තිබෙන බවය.

එම කණ්ඩායම “නාඩි “කණ්ඩායම නමින් හදුන්වන බව කියති.

එමෙන්ම කාබනික පොහොර යොදා ගෙන එලවළු වගා කිරීමට හැකි බවත් එක්තරා දේශපාලන පක්ෂයක නියෝජිතයන් ඉතා සූක්ෂම ලෙස ගොවිපළ වලටත් වෙළඳපළටත් රිංගා  ආරවුලක් ඇති කරන බව ද ඔවුන්   පෙන්වා දීම විශේෂත්වයකි.

ඇතැම්   අතරමැදි වෙළඳ කණ්ඩායම්  දේශපාලනඥයන්ගේ අවශ්‍යතා ඉටු කරමින් මිල උස් පහත් කිරීමෙන් ගොවියා කුපිත කිරීම් ආදී  සිදුකරන බවට ද මෙම  ව්‍යාපාරිකයා දැඩිව චෝදනා කරන්නට විය‍.

මෙම අතරමැදි වෙළඳුන් සහ මැහි වෙළඳුන් අතර උණුසුම් තත්ත්වයක් ද ආර්ථික මධ්‍යස්ථානය තුළ දී දැක ගැනීමට හැකිවිය. ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ කාරක සභාවේ සිටින  ව්‍යාපාරිකයන්යෙකු වූ සි. එස්. සිරිවර්ධන මහතාගෙන් අප මෙම ගැටළුව පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ වෙළඳපළ හැසිරීම් ඉල්ලීම් සහ සැපයුම් අනුව සිදුවන බවය. කෙසේ වෙතත් අතරමැදි  කණ්ඩායම් සෑම වෙළදපළකම සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයේ ගිවිසුම් ප්‍රකාරව ආර්ථික මධ්‍යස්ථානය තුළ සිටිය හැක්කේ අතරමැදියන් ගෙන් තොරව ගොවියාට නිසි සාධාරණ මිලක් ලබාදීම සඳහා නොවේ දැයි අප ප්‍රශ්න කිරීමේ දී හෙතෙම සඳහන් කළේ මේ වන විට ආර්ථික  මධ්‍යස්ථානය තුළ එවැන්නක් ක්‍රියාත්මක නොවන බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දින එළවලළු මිල යම් මට්ටමකින් ඉහළ ගොස් පැවති අතර පෙර දින එළවළු අලෙවි නොවීම නිසා එම පාඩුව මෙදින අල්ලා අලෙවි කිරීමට සිදුවන කරන බව මෙම අතරමැදි වෙළෙන්දෝ පවසති.

ආර්ථික මධ්‍යස්ථානය වෙළඳ සංගමය හෝ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනයක්  කළමණාකරන භාරයේ  කණ්ඩායම් වෙළඳපොළේ නිතර සිටීම අතරමැදි වෙනත් කණ්ඩායමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳපොළ හසුරවීමට හේතු වී තිබේ .

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Related Posts