විදුලිය කපන්නේ කාලසටහනකට

සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

Continue Reading

චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක්  නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.‍ වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව …

Continue Reading

පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්

COVID-19 පවුල්වලට සහ අවසානයේ ප්‍රජාව වෙත රැගෙන යන වාහකයන් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් COVID-19 ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණු බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය නිල දත්ත වලට අනුව, පසුගිය අඟහරුවාදා (11) සිට ඉරිදා (16) දක්වා පිළිවෙලින් රෝගීන් 623, 653, 594, 611, 661, 690 වාර්තා වී ඇත. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ගල්හේන මහත්මිය …

Continue Reading

ඉතිහාසයේ මුහුණ දුන් සියලු අභියෝග නිසි නායකත්වයක් යටතේ ජයගෙන තිබෙනවා

රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ …

Continue Reading

විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? තීන්දුව IOC අතේ

විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද ආයාචනයකට අනුව, ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධාන කාර්යාලයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන බව අදාළ සමාගම අමාත්‍යවරයාට දන්වා තිබුණි. ඉන්ධන තොග රැගත් …

Continue Reading

වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල මැණික් පතලකින් මතුවෙයි

වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පැවසුවේ, එම පොසිල පරීක්ෂා කළ විද්‍යාඥයන් විසින් ප්ලයිස්ටොසීන යුගයේ ජීවත් වූ රයිනෝසිරස්ගේ හිස් කබල බව තහවුරු කළ බවයි. පළමු පොසිල හමුවී …

Continue Reading

ලංවිම ඉන්ධන ටැංකි හිදෙයි – විදුලි සැපයුමට කුමක් වෙයිද ?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සහ දැවි තෙල් තොග විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන්නේ අද (17) දින සවස 5.00 දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය අනුව හෙට වන විට රටම අඳුරේ තිබිය යුතු බව ඔහු ඩේලි කියා සිටියේය. “හෙට විදුලි ජනනය සඳහා දැවි …

Continue Reading

‘ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙයයි’

රජය ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කිරීම සඳහා දරන උත්සාහය අගමැති මෝදි අවධාරණය කළේය ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳුදා ලෝක නායකයින් අමතමින් ප්‍රකාශ කළේය. එහිදි ලෝකයේ වඩාත්ම ආකර්ශනීය ආයෝජන ගමනාන්තය බවට පත් කිරීම සඳහා ඉන්දියාව ගෙන ඇති විවිධ පියවර විස්තර කළේය. අගමැති මෝදි ඉන්දීය ජනතාවගේ ව්‍යවසායකත්වය ගැන ද සඳහන් කළේය. ඔහු මේ බව කියා සිටියේ …

Continue Reading

ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.   විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් මෙම තීරණාත්මක සහය ලබා දෙන බව සඳහන් කර ඇත. සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් …

Continue Reading

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි – චම්පික

ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති බවයි. අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබදව වැඩි දුරයත් කරුණු පැහැදිලි කළ චම්පික රණවක මහතා, ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ …

Continue Reading