එළවළු තෙල් සහ පොල්තෙල් වලට සුපිරි ආදේශකය ‘මී තෙල්‘ ගැන අලුත්ම හෙළිදරව්ව !

අතීතයේ මුතුන් මිත්තෝ පොල්තෙල් මෙන්ම මීතෙල් භාවිත කළහ. කාලයාගේ ඇවෑමෙන් එය අමතක වී ගොස් ෆාම්, සෝයා හා බඩඉරිඟු වැනි තෙල්වලට අපි අවතීර්ණ වී සිටින්නෙමු. මීතෙල් ඵලදාව පොල්තෙල් මෙන් තුන් ගුණයක්වත් වැඩි වන බව ඉන්දියානු පර් යේෂණ පෙන්වන අතර එහි මේද සංයුතිය ඉතා සෞඛ්‍යහිතකාරී වේ. තවද සිංහල රජකාලයේ මී ගස් කැපීම තහනම් වග ඉතිහාසය වාර්තා කරයි.  ගිය වසර මුල භාගයේ, ගැඹුරින් …

Continue Reading

සිංහබාහු සහ විජය රජු සොයා ගිය වෛද්‍යවරයා ඉතිහාසය අලුතින් ලියයිද ?

ඔබ විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද “Finding Sinhabahu“ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර වී තිබෙනවා. මෙම සිද්ධිය ඔබ දකින්නේ කෙසේද? මා වෘත්තියෙන් ළමා හා අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. මා පුහුණුව ලබා තිබෙන්නේ “විද්‍යා’ යැයි හැඳින්වෙන විෂය ධාරාවේ පමණයි. ඒ එසේ වුවත්, මා “කලා” යැයි හැඳින්වෙන විෂය ධාරාවේ විෂයයක් සම්බන්ධව රචනා කරන ලද පර්යේෂණ ග්‍රන්ථයකට, රාජ්‍ය …

Continue Reading

NMRA නීති අංශයේ ඉහළ නිලධාරිනියකගේ අක්‍රමිකතා ගැන අමාත්‍යාංශය ගොළු ඇයි ?

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීති අංශයේ ඉහළ නිලධාරිනියකගේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කළත් මේ වන තෙක් අමාත්‍යාංශයේ පරීක්ෂණ කටයුතු සිදුකර නොමැති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති ආරංචිමාර්ග සදහන් කරයි. නීති අංශයේ කටයුතු කරමින් සිටින මෙම නිලධාරිනිය පසුගිය යහ පාලන ආණ්ඩු සමයේදී කොන්ත‍්‍රාක් පදනම මත සේවයට බැදී ඇති අතර එම කාලයේදී සිදුවූ යම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන්ද ඇයට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙන …

Continue Reading

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

රාගම වෛද්‍ය පීඨයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිය පුත්‍රයා අත්අඩංගුවට ගැනීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේ ගැටුමට තමන් සම්බන්ධ බව ඔප්පු වුවහොත් ඉල්ලා අස්වන බවයි.  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතුරු තමන් ඉල්ලා අස්වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර වරෙන්තු නිකුත් කර සිටි කුප්‍රකට එතනෝල් ජාවාරම්කරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ …

Continue Reading

ලෝකය ආරක්ෂිත තැනක් කරන්න ISIS නායකයා මරා දැම්මා – ජෝ බිඩෙන් කියයි

වයඹදිග සිරියාවේ එක්සත් ජනපද වැටලීමකින් ISIS නායක අබු ඊබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂි Abu Ibrahim al-Hashimi al-Qurayshi.මරා දැමූ බව එක්සත් ජනපද ජනාධිපති බිඩෙන් අද (03) ප්‍රකාශ කළේය. “ඊයේ රාත්‍රියේ මගේ මඟපෙන්වීම අනුව, වයඹ දිග සිරියාවේ එක්සත් ජනපද හමුදා ඇමරිකානු ජනතාව සහ අපගේ මිත්‍ර පාක්ෂිකයින් ආරක්ෂා කිරීමට සහ ලෝකය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් සාර්ථකව දියත් කරන ලදී,” ඔහු නිවේදනයක් …

Continue Reading

නිසි වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව අනාගෙන ඇති තාලේ හැම තැනකම පේනවා

වැඩපිළිවෙළක් නැති රජය යටතේ ආහාර හිඟයෙන්  ඇරඹුණු අර්බුදය දැන් සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වීමෙන් අපනයනය ද කඩා වැටී රැකියා අවස්තා විශාල වශයෙන් අහිමි වෙලා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රරමරත්න මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආර්ථිකයේ නිවැරදි මඟ යන තේමාව යටතේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරට්ත් කතා කළ වික්‍රමරත්න මහතා මෙසේ ද කීය. ඉදිරි සමගි ජන බලවේග රජයෙ ප්‍රතිපත්ති තීරණ පිළිබඳව පැහැදිළි කළ ඉරාන් වික්‍රමරත්න මහතා  රසානික පොහොර භාවිතයට ඉඩ දීමට තීරණය ගෙන තිබේ. ඒවගේම අපනයනයට මුල් තැන දෙනවා, රැකියා නියුක්තියේදී කාන්තාවන්ට සම තැන දී පෞද්ගලික අංශයටද කාන්තාවන් …

Continue Reading

ඉන්දියාව චිප් සහිත විද්‍යුත් ගමන් බලපත්‍ර හදුන්වා දෙයි

විද්‍යුත් ගමන් බලපත්‍රවල ජෛවමිතික වැදගත් වන ආරක්‍ෂාවට අදාළ දත්ත කේතනය කර ඇත මුද්‍රිත පොත් පිංචවලින් බැහැරව,ඉන්දීය රජය මේ වසරේ විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන අතර එයට ඉලෙක්ට්‍රොනික චිප්ස් සහ අනාගත තාක්‍ෂණය ඇතුළත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අඟහරුවාදා අයවැය 2022 ඉදිරිපත් කරමින් නිවේදනය කළේය. ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරන අන්දමට චිප්-සක්‍රීය ඊ-ගමන් බලපත්‍රවල උසස් ආරක්ෂක විශේෂාංග …

Continue Reading

ඛනිජ තෙල් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කරයි

ඉන්දියාව විසින් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබුණි ඉන්දියාවේ අපනයන ආනයන (EXIM) බැංකුව ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමක් බදාදා අත්සන් කළේය. ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉදිරියේ අපනයන ආනයන බැංකුව(EXIM) සහ ශ්‍රී ලංකා භාණ්ඩාගාරය අතර …

Continue Reading

යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයටම ලබා දෙන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

යළ කන්නයට අවශ්‍ය පොහොර  නියමිත කාලයේදීම ගොවි ජනතාවට  ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින්  දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරේ. එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක …

Continue Reading

‘මැර දේශපාලනය එළිදක්වන්නේ ජනතාව බය ගන්වන්න’

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින රාජගිරිය රිය අනතුරු නඩුව අද (03) අධිකරණයේ දී විභාගයට ගැනිණ. එහිදී අදහස් දැක්වූ නීතීඥ රජික කොඩිතුවක්කු මහතා; “අද අංක 3 මහාධිකරණයේ HE 1825 කියන නඩුව තිබ්බා. අද ඒ නඩුව තියෙන ප්‍රධාන හේතුව තමයි මීට ඉස්සෙල්ලා අපි මූලික විරෝධතාවයක් ගත්තා මේ එකම පැමිණිල්ලක් සම්බන්ධයෙන්, නැත්නම් එකම සිද්ධියකට අදාළ වූ නඩු දෙකක් පවරන්න බැහැ …

Continue Reading