නිසි වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව අනාගෙන ඇති තාලේ හැම තැනකම පේනවා

Spread the love

වැඩපිළිවෙළක් නැති රජය යටතේ ආහාර හිඟයෙන්  ඇරඹුණු අර්බුදය දැන් සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වීමෙන් අපනයනය  කඩා වැටී රැකියා අවස්තා විශාල වශයෙන් අහිමි වෙලා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රරමරත්න මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආර්ථිකයේ නිවැරදි මඟ යන තේමාව යටතේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරට්ත් කතා කළ වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

ඉදිරි සමගි ජන බලවේග රජයෙ ප්‍රතිපත්ති තීරණ පිළිබඳව පැහැදිළි කළ ඉරාන් වික්‍රමරත්න මහතා  රසානික පොහොර භාවිතයට ඉඩ දීමට තීරණය ගෙන තිබේ. ඒවගේම අපනයනයට මුල් තැන දෙනවා, රැකියා නියුක්තියේදී කාන්තාවන්ට සම තැන දී පෞද්ගලික අංශයටද කාන්තාවන් බඳවා ගැනීම දිරිමත් කරනුවස් පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රසූත නිවාඩුවට මූල්‍ය සහන ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දෙනවා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට විදේශ වෙළඳ පොළ අවස්ථාවන් ලබා දීමට රාජ්‍ය මැදිහත්වීමක් සිදු කරන ප්‍රතිපත්ති තීරණ ගෙන ඇතැයි කීය.

බොරුව ප්‍රචාරය කර ජාතිවාදය අවුස්සල මහජන මතය විකෘති කරලා ඡන්දය ගත් මේ රජය අනුමත කළ නොහැකිය. කැළණියේ නාහිමි නයි නාට්‍යයක් රඟපෑවා,රණවිරු නාට්‍යයක් තිබ්බා,එම් සී සී නාට්‍යයක් වේදිකාගත කළා,සිංගප්පූරු ගිවිසුම ගැන තව නාට්‍යයක් හැදුවා. දැන් හඬ පට නාට්‍යයක් හදලා එය ප්‍රයෝජනයට ගනිමින් නීතිපති ලවා නඩු ඉවත් කරමින් යනවා දැන් අළුත්ම නාට්‍ය තමයි රසායණික පොහොර, විදුලිය කැපීම හා ගෑස් පිපිරීම ආදිය.

මේ රජයේ පාලනය යටතේ සියල්ල කණ පිට හැරී ඇති අවස්ථාවක සමහර ඇමතිවරු ධනාත්මකව සිත බැලිය යුතු යැයි ජනතාව රැවට්ටීමේ ඇලුත්ම බණ දේශනා කරන්න පටන්ගෙනය. යතාර්ථය අමතක කරවා අනාගත සිහින මැවීමක් මේ රජය දැන් කරමින් ඉන්නේ

මහ බැංකු අධිපති තුමා විදේශ නාලිකාවකට ජනවාරි 24 කිව්වා අපට අවශ්‍ය සියලු ආහාර තොග තිබෙනවා යැයි කියා තිබෙනවා. එහෙත් කඩයකට ගියහම දෙන්නේ එක් පාරිභෝගිකයෙඋට් එක් කිරි පිටි පැකට්ටුවක් පමණි. ඒ බවට දැන්වීමකද ප්‍රද්‍රශණය කර තිබෙනවා. මේ යතාරතය මැති ඇමතිවරුන්ට පෙනෙන්නේ නැද්ද.?

වෙළඳ පොළ අවස්තා මෙසේ තිබියදී දනාත්මක වන්න යැයි ජනතාවට රජය උපදෙස් දෙනවා. එසේ වන්නට හරි කරන වැඩ පිළිවෙල ගැන පැහැදිළීතාවයක් තිබිය යුතුයි.

සිමෙන්ති කොට්ටයක්වත් මිලදී ගන්න බැරි ආර්ථිකයක් මේ රටේ තිබෙන්නේ.ඇසුරුම් කර්මානතයේ න්නියෝජිතයන් අප හමුවේ ප්‍රකාශ කළා එම කර්මාන්තයට අවශ්‍ය කඩදාසි රටේ නැති බවයි.මේ නිසා අපනයනය ට බාධා එල්ල වෙනවා පමණක් නොව දේශීය කර්මාන්ත කඩා වැටී රැකිය වියුක්තියද ඇති වෙනවා.රටේ ආහාර අර්බුදය එකින් එකට ව්යාප්ත වෙලා සමස්ත ක්ශේත්රයටම බලපා ඇතත් රජය සතුව විසඳුමක් ප්රායෝගික වැඩපිළිවෙලක් නැත

වර්තමාන ආර්ථික හා මූල්‍ය අර්බුද ලංකාවට පමණයි සිදුව ඇත්තේ. එය ඇයි දැයි විචාර බුද්ධියෙන් විමසා බැලීම වැදගත් වේ. 2020 මාර්තුවේ දී තමයි කොරෝනා වසංගතයක් ගැන කිව්වේ.20020 දෙවන කාර්තුව පෙර වසර සමග සසදීමේදී ඇඟලුම් කර්මාන්තය 42  කින් පහළ බැස්සා.ඉදිකිරීම් 30 % කින් අඩුවිය.සාමාන්‍ය නිෂ්පාදනය ද 35 % කින් පහළ බැස්සා.කොරෝනාවට කෙලින්ම බලපෑමක් වූ සංචාරක ව්‍යාපාරය 64 % කින් පහළට ආවා. මේ කාලයේ දීම පරිබෝජනය ද අඩුවිය. සැපයුම හරහා බඩු මිල වැඩිවීම නිසා දැන් උද්දමනය විශාල ලෙස ඉහල ගිහින්ය.මෙහි ගැඹුර තේරුම් ගන්නේ නැතිව මුදල් අච්චු ගසා විසඳිය හැකි යැයි මේ රජය මුලා වී සිටින බව හෙතෙම කීය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2021 දෙසැම්බරයේ 12.1 % ජනවාරියේ 14.2 %යි,ආහාර උද්දමනය 25 % බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.මේ අනුව උද්දමනය සීග්‍රයෙන් ඉහලට ගිය ලොව 12 වන රට ලෙස ලංකාව පත් කර තිබෙනවා මේ රජය. තව ටික කලකින් පළවන ස්ථානයට පත්වේවි.

ප්‍රතිපත්තියක් හෝ පදනම නැතිව වෙළඳ පොළ පාලනය කිරීම නිසා සම්බා රතු සහල් හා නාඩු සහල්,කිරිපිටි, පරිප්පු අළවලු, වියලි මිරිස්,අල ලූනු ගෑස් ආදිය 30%, 50%, 150% ක ප්‍රමාණයකින් පමණ වැඩිවෙලා තිබෙනවා.මෙය සැපයුම පැත්තෙන් ද නිෂ්පාදන පැත්තෙන් ද ඉල්ලුම පැත්තෙන් දැයි සොයා බලා විසඳුම් ලබා දිය යුතුව තිබියදී මේ රජය දෙන එකම විසඳුම මුදල් අච්චු ගැසීමය. ඒ නිසා උද්දමනය තව දුරට්ත් වැඩිවීම් වැළක්විය  නොහැකි යැයි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

Related Posts