AURA LANKA රාජාංගනයේ යාය 18 ගම්මානය වනසයි
රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග‍්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට ලක් වෙමින් තිබේ. දැනට වසර දෙකකට වැඩි කාලයක සිට ගොවි පවුල් 80 …
Continue Reading
පිට පිටම තෙවැනි වරටත් තිරිමාන්නගෙන් අර්ධ ශතකයක්
-
Editor
-
March 31, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලබා දුන් ලකුණු 354 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිතිකරුවෝ දෙවැනි දිනට තරගය නවතා දමන විට කඩුලු 3 ක් දැවී ලකුණු 134 ක් ලබා සිටියහ. පන්දු යවන්නන්ට කිසියම් සහායක් ලබා දුන් දෙවැනි දිනය ඉතාමත් මන්දගාමී දිනයක් බවට පත්වූ අතර දිනය තුළ යවන ලද පන්දුවාර 86 දී දෙපිළේම පිතිකරුවෝ රැස් කිරීමට සමත්වූයේ ලකුණු 203 …
Continue Reading
රුපියල තවත් බාල්දු වෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද (31) දිනයේ රුපියල තවත් පහතට වැටී එහි විකුණුම් මිල රුපියල් 202.0400 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල වශයෙන් සදහන් වූයේ රුපියල් 197.62කි. රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම ගැන අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා මෝටර් රථ ආනයනය ද දැඩිව පාලනය කර තිබියදී රුපියල මේ ආකාරයෙන් පහත වැටීම ශ්‍රී ලංකාවට …
Continue Reading
චීනය පරිත්‍යාග කළ කොවිඩ් මර්දන එන්නත් තොගය ජනපති ගුවන් තොටුපොලේ දී භාර ගනී
චීන රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් තොගය චීන තානාපති චී.ජෙන්හොන් (Qi Zhenhong) මහතා විසින් අද (31) දහවල් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජිං පින් මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ. චීනයේ බීජිං අගනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම “සිනොෆාම්” කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබේ. …
Continue Reading
බ්‍රසීලයේ ත්‍රිවිධ හමුදාපතිවරු ඉල්ලා අස්වෙති – ජනපති බොල්සොනාරෝ දැවැන්ත අර්බුදයක
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් තිදෙනාම ඉවත්වීමෙන් පසු බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සිය ජනාධිපති ධුරයේ විශාලතම අර්බුදයට මුහුණ දී සිටී. ආරක්ෂක ප්‍රධානීන්ගේ පෙර නොවූ විරූ ඉල්ලා අස්වීම ජනාධිපති බොල්සොනාරෝ හමුදාව මත අනවශ්‍ය පාලනයක් ඇති කිරීමට ගත් උත්සාහයට විරෝධයක් ලෙස සැලකේ. කොවිඩ් -19 ට දැක්වූ ඍණාත්මක ප්‍රතිචාරය නිසා ජනාධිපති බොල්සොනාරෝගේ ජනප්‍රියත්වය විශාල ලෙස අඩුවී තිබේ. මේ වන විට බ්‍රසීලයේ පුද්ගලයින් 314,000 කට ආසන්න …
Continue Reading
ආයෝජන හා වෙළෙඳාම ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය
ශ්‍රී ලංකාවට අලුතින් පත් කරනු ලැබ සිටින, වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපතිනි හෝ තී තාන් ටෘක් මහත්මිය ( Ho Thi Thanh Truc) අද (30) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍රය පිළිගැන්වූවාය. අනතුරුව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ නව වියට්නාම් තානාපතිනිය වත්මන් ද්විපාර්ශ්වික සබඳතා සහ අනාගත සහයෝගීතා වර්ධනය පිළිබඳව කෙටි වේලාවක් අදහස් හුවමාරු කරගත්හ. වියට්නාම් රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් …
Continue Reading
මිරිස් ආනයනයට තිත තියන්න පවුල් 1200ක ආර්ථිකය ගොඩනඟන මිරිස් වගා ව්‍යාපෘතියක්
-
Editor
-
March 30, 2021
-
කෘෂිකර්මය
-
featured
-
0 Comments
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (SAPP) යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 1200ක ආර්ථිකය ශක්තිමත් කරන මිරිස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අක්කර ¼ ක් වගාවක් සඳහා රුපියල් 206,000 ක ආධාරයක් අඩු පොළී අනුපාතය යටතේ (6.5%) රුපියල් 135,000 ක ණයක් මෙම ගොවීන්ට ලබා දී තිබේ. කාබනික පොහොර භාවිතය,පොලිසැක් යොදා වල් පැළ හට නොගන්නා ආකාරයේ නව තාක්ෂණය, උවදුරුවලට මුහුණ …
Continue Reading
වසරට 40%-365%ක් පොළිය අය කරන ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාව ගැන අලුත්ම හෙළිදරව්ව
අතමාරුවට හදිසියකට අනුන්ගෙන් ණයට ගැනීම මෙරට ජනතාව අතර නිතර දක්නට ලැබෙන්නකි. එය විවිධ තරාතිරම්වලදී දක්නට පුළුවන. එවැනි කුඩා මිල මුදල් අවශ්‍යතා ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා වශයෙන් හැඳින්වේ. එහෙත් එසේ සඳහන් කළ විට කෙනකුට මේ පිළිබඳ හරිහැටි නොවැටහෙන්නට පුළුවන. එසේම, සමාජයේ බොහෝ දෙනකුට එය ආගන්තුක නොවේ. බොහෝ දෙනකු එදිනෙදා අතමාරුවට අවිධිමත් අයුරින් පොලී අනුපාත පිළිබඳ ද නොවිමසමින් මුදල් ණයට ගනිති. ගම්බදව පමණක් …
Continue Reading
මීගමුව කළපුව ගැන කතාවකින් නිමල් ලන්සා – දේවානි යළි උණුසුම් වචන හුවමාරුවක
මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේශ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර අද (30) දින පැවැති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. මීගමුව කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත්, වන …
Continue Reading
වාචාල කතාවලින් පොල්තෙල්වල විෂ මකන්න බෑ – ජවිපෙ අවධාරණය කරයි
ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැති බවත් ජනාධිපතිවරයා වහාම මෙම විෂ පොල්තෙල් ගැන රටටත් ජනතාවටක් ප්‍රකාශ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ …
Continue Reading