චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. …

Continue Reading

Covid-19 ‘තුන්වෙනි රැල්ල’ ලෝකය පුරා පැතිරෙයි – ලංකාව සූදානම් ද ?

කොරෝනාවෛරස තුන්වෙනි රැල්ල පැතිරී යාමත් සමග ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කළේය. වෛරසය පාලනය කිරීම සඳහා එරට ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ. ලබන සතියේ සිට පාසල් දුරස්ථ අධ්‍යාපනය සඳහා යොමු වන බව එමානුවෙල් මැක්‍රොන් පැවසීය. සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් සෙනසුරාදා (මාර්තු 27) දින සිට වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය කාරණයකට …

Continue Reading

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට චීනය අපායක් – BBC වාර්තාකරුත් රටින් පිටවෙයි

චීනයේ බීජිං නුවර සිටි බීබීසී වාර්තාකරු චීනයෙන් පිටවී තායිවානය බලා ගොස් තිබේ. ජෝන් සඩ්වර්ත් චීනයෙන් පිටවී ඇත්තේ චීන බලධාරීන්ගෙන් එල්ල වූ පීඩනය සහ තර්ජන හේතුවෙනි. චීනයේ ෂින්ජියෑන්ග් කලාපයේ සිටින උයිගර් මුස්ලිම් ප්‍රජාවට සළකන ආකාරය පිළිබඳව සිදුකළ මාධ්‍ය වාර්තාකරණයට සම්මාන දිනූ සඩ්වර්ත් චීනයෙන් පිටව ගියේ සිය පවුලේ සාමාජිකයන් ද කැටුව ය. බීබීසීය කියා සිටියේ ඔහු විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය වාර්තාකරණය …

Continue Reading

ශ්‍රී ලංකාව ලකුණු 377ක අභියෝගාත්මක හඹා යෑමක

පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක අභියෝගාත්මක ඉලක්කයක් බ්‍රහස්පතින්දා දිනයේදී ලබා දුන්හ. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දින අවසන් වන විට එම ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 29 ක් ලබා සිටියේය. දිනය …

Continue Reading

මද්දකට හසුවී බේරාගත් කොටියා මිය යයි

මද්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31)  මියගිය බවත් උදර ප්‍ර දේශයට දැඩි ලෙස තුවාල සිදුවීම මරණයට හේතුව බවත වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පැවසීය.  මියගිය කොටියා දිගින් අඩි 08ක් පමණ වන හොදින් වැඩුණ වයස අවුරුදු 10 ක්  පමණ වන …

Continue Reading

උද්ධමනය 4.1% කින් ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට 3.3හි සිට 2021 මාර්තු මාසයේ දී සියයට 4.1 දක්වා ඉහළ ගියේ ය. 2020 මාර්තු මාසයේ පැවති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවති සියයට …

Continue Reading

මිනිස් රුධිරය අඩංගු ‘සාතන් සපත්තුවලට’ Nike නඩු පවරයි

මතභේදාත්මක “සාතන් සපත්තු” යුගලයක් සම්බන්ධයෙන් නයිකි (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ. යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ “ලූක් 10:18” යන වචන කෙටූ පාවහන් යුගල ඩොලර් 1,018කට (රුපියල් 202000කට වැඩි) මිල කර තිබූ අතර එය වෙනස්කරන ලද ‘නයිකි එයාර් මැක්ස් 97’ පාවහන් භාවිත කර නිපදවා තිබේ. MSCHF කලා සමූහය රැප් ගායක ලිල් නාස් එක්ස් …

Continue Reading

මාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනපතිට දඩ

දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව වාර්තා වූයේ නම් ඒ කලාතුරකිනි. නමුත් මාධ්‍යවේදිනියකට ලිංගික අපහාසයක් කරන ලද ජනාධිපතිවරයෙකුට අධිකරණයෙන් දඬුවම් නියම කළ පුවතක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්තා විය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ජනාධිපතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර එම වරදට ම දඬුවම් ලබා …

Continue Reading

ශ්‍රී ලංකාව ලකුණු 250/8යි – ලකුණු 104ක් පිටුපසින්

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.1 කට සීමා වුණු තෙවැනි දිනයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු 114 ක් පමණක් රැස් කර ගැනීමට සමත් වද්දී සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නෝ තවත් කඩුලු 5 ක් දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට එල්ල කළහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සත්කාරකයින්ට වඩා ලකුණු 104 ක් පිටුපසින් සිටින අතර ඉතිරිව ඇත්තේ කඩුලු 2 ක් පමණි. ශ්‍රී ලංකාව සතු එකම සැනසිල්ල …

Continue Reading

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ කෘෂිකර්මාන්තයේ ගැටලු සහ ප්‍රවණතා ගැන විශේෂ හෙළිදරව්ව

සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය ආර්ථිකය නඟාසිටුවීමට සහ දේශීය ගොවියා ශක්තිමත් කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගැනීමට ඇති ඉලක්ක සහ අභියෝග පිළිබඳව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිනමිණ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ. – බීජ ගම්මාන ඇති කරලා බීජ ගැටලුව විසඳනවා – වගා කිරීමට සුදුසු ස්ථාන තෝරාගෙන වගා කරනවා – අතිරික්තයක් තුළින් තමයි මිල පාලනය කරන්න පුළුවන් – කාලසටහනකට අනුව බෝග වගා කළ යුතුයි – පලතුරු …

Continue Reading