කොවිඩ් වසංගතයේ ඇත්තම තත්ත්වය ගැන සුදර්ශනීගෙන් සංවේදී ප්‍රකාශයක් !
කොවිඩ් -19 වසංගතයේ සැබෑ තත්ත්වය ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් විශේෂ ආයාචනයක් කරනවා. “මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වර්ධනයක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශල තදබදයක් තියෙනවා. ඔකිසිජන් අවශ්‍යතාව දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනනවා. ඊයෙත් 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් පමණ සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් …
Continue Reading
චීනයට වරාය නගර කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මත කර දෙයි
කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතහි දෙවන වර කියවීම අද (20) පාර්ලිමේන්තුව දී වැඩි ඡන්ද 89 කින් සම්මත වුණා. මෙහිදී පක්ෂව ඡන්ද 148 ක් ද විපක්ෂව ඡන්ද 59 ක් ද හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව මෙම කෙටුම්පත සම්බන්ධ සංශෝධන ද පනත් කෙටුම්පතට අන්තර්ගත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
Continue Reading
දක්ෂතාවයන්වලදී වැඩියෙන් මුදල් ගෙවන ‘අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව’
වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඉදිරි වසරක කාලයක් සඳහා අත්සන් තැබීමට නියමිත මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව අද (19 දා) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත මරණවල ඉහළ සංඛ්‍යාව වාර්තාවෙයි
2021 මැයි මස 06 සිට මැයි 19 වැනිදා දක්වා සිදුව ඇති කොවිඩ්-19 ආසාදිත මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. ඒ අනුව ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 1051ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. එම මරණකරුවන්ගේ සියලු විස්තර පහත දැක්වෙනවා.
Continue Reading
අද දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3591ක් !
කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින ප.ව 21.00 ට නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනක සදහන් වුණේ අද දින කොවිඩ් ආසාදිතයින් 3591 දෙනකු වාර්තා වූ බවයි.
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට හෙට
ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ හෙට (20 වැනිදා) දිනට යෙදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙමින් මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ තාක්ෂණය භාවිතයෙන් නිලධාරීන් පත් කර …
Continue Reading
ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !
කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය. ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා …
Continue Reading
ගැබිණි මවුවරුන්ට ‘කොවිඩ් එන්නත’ සුදුසුයි
ගර්භණී මව්වරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කළ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කර ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (19) සංවිධානය කළ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවාය. …
Continue Reading
කොවිඩ් ආසාදිත අවදානම ඉහළ තවත් පිරිසක් ගැන හෙළිදරව්වක්
කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වීම බරපතළ තත්ත්වයක් බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය …
Continue Reading
දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවද්දී සමස්ත ආසාදිතයින් 150,771ක්
කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස අද (19) වාර්තා වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. ඔහු පවසන්නේ අද සවස වන විට ආසාදිතයින් 3051 දෙනෙක් වාර්තා වූ බවයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.
Continue Reading