ලේ බැංකුවේ ලේ හිඟයක් – කඩිනමින් ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන මෙන්න !

Spread the love

කොවිඩ්-19 වසංගතය හමුවේ ලේ බැංකුවේ දැනට පවතින ලේ හිඟය පියවීම සඳහා ඉදිරි සතියක කාලය තුළ රට පුරා විසීරී තිබෙන ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවලට පැමිණ ලේ පරිත්‍යාග කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (19) දින ඉල්ලීමක් කළේය.

ඒ සඳහා වූ පළමු පියවර ලෙස ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණ ලේ පරිත්‍යාග කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලේ දන්දෙමින් ජීවිතයක් බේරා ගැනීමේ මහඟු පුණ්‍ය කර්මයට දායකවන්නැයි පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලේ හිඟයක් ද ඇතිව තිබෙන බව පසුගියදා ජාතික රුධිර මධ්‍යස්ථානය කළ නිවේදනයට අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහන ආරම්භ කළේය.

ඒ අනුව එම ලේ හිඟය කඩිනමින් පියවා ගැනීම අරමුණු කරගනිමින් තරුණ ප්‍රජාව සහ ඒ සඳහා හැකියාව ඇති පිරිස දිරිගැන්විමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගනිමින් සිටියි.

ලේ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ලංකාවේ බොහෝ තැන්වල ලේ පරිත්‍යග කිරීමේ සායන පැවැත්වීමට නොහැකි වුණා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සහ වෛද්‍යවරුන් ලේ හිඟයක් තිබෙන බව අප වෙත  දැනුම් දුන්නා.

ඒ වෙනුවෙන් අපට කළ හැකි දේ නම් පැමිණ ලේ පරිත්‍යාග කිරීමයි. ඉදිරි සතියක කාලයේ රට පුරා පිහිටි ජාතික යොවුන් සේනාංකය මධ්‍යස්ථානවලට පැමිණ ඔබ ලබාදෙන එම ලේ පරිත්‍යාගයෙන් වටිනා ජීවිතයක් බේරාගැනීමේ පුණ්‍ය  කර්මයට ඔබට දායක විය හැකියි.

 ඒ සඳහා හැකියාව ඇති සියලුදෙනාට ම මම ආරාධනා කරනවා ළඟම තිබෙන මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ඔබට හැකි පිරිස  ඒ සඳහා යොමු කර ඇතිව තිබෙන ලේ හිඟය කඩිනමින් පියවා ගැනීමට ලේ පරිත්‍යාග කිරීමට මැදිහත් වන ලෙසට.

රට තුළ සංචරණ සීමා පවතින හෙයින් වෙනදා මෙන් ග්‍රාමීය මට්ටමෙන් ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකි නිසා ලේ වල හිඟයක් අපේ රටේ ඇතිව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.

කොරෝනා වසංගතය හේතුවෙන් පවතින සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින්  මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ වුවද  ලේ පරිත්‍යාගය සඳහා එක්ව තමන්ට හැකි අයුරින් යුතුකම් ඉටු කරන ලෙසට සියලුදෙනාට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා  ප්‍රකාශ කර සිටියේය.

මේ අනුව සංචරණ සීමා පවතින කාලය තුළ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය , ජාතික රුධිර මධ්‍යස්ථානය ,ප්‍රජා පොලිස් ඒකක, ග්‍රාමීය කමිටුව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව මෙම සද්කාර්යය රට පුරා ක්‍රියාත්මක වේ.

ලේ පරිත්‍යාග කළ හැකි මධ්‍යස්ථාන

ප්‍රධාන මධ්‍යස්ථානය –     කොළඹ – ජාතික යොවුන් සේනාංක මූලස්ථානය

නො.20, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

ටෙලි. 0710 377 377 / 0112 688 885

මධ්‍යම පළාත
ස්ථානයදුරකථන අංකය
ගම්පොල081-2078177
නාඋල066-2246204
නුවරඑළිය052-3536332
හඟුරන්කෙත081-2365849
සෙංකඩගල081-2389134
යටිනුවර081-2410026
වලපනේ052-2050010
ඌව පළාත
ස්ථානයදුරකථන අංකය
බණෟඩාරවෙල057-2222214
මහියංගනය055-2257118
තණමල්විල047-3220529
මොණරාගල055-2055741
වැල්ලවාය070-5923971
සියඹලාණ්ඩුව071-3662328
නැගෙනහිර පළාත
ස්ථානයදුරකථන අංකය
කන්තලේ026-2244088
කච්චවේලි026-2228709
ගෝමරන්කඩවල026-4549428
අම්පාර063-2224810
සේරුවාවිල026-4549439
ත්‍රිකුණාමලය026-4549432
දෙහිඅත්තකණ්ඩිය027-2056723
වාලච්චෙව්න071-2518825
බස්නාහිර පළාත
ස්ථානයදුරකථන අංකය
කටුනායක011-2260020
අත්තනගල්ල033-2282232
දිවුලපිටිය033-2272875
බුලත්සිංහල034-2282322
යක්කල033-2233534
උතුරු මැද පළාත
ස්ථානයදුරකථන අංකය
කැකිරාව025-2263297
කලාවැව025-2269946
අනුරාධපුරය025-3852809
මැදිරිගිරිය071-8289004
ගලෙන්බිඳුනුවැව071-8289004
සබරගමුව පළාත
ස්ථානයදුරකථන අංකය
කෑගල්ල035-2223260
නිවිතිගල045-2279970
ගලිගමුව035-2282993
ඇඹිලිපිටිය047-2262399
බලන්ගොඩ071-6300364
දෙහිඕවිට071-8396013
දකුණු පළාත
ස්ථානයදුරකථන අංකය
සුරියවැව047-2288169
ගාල්ල091-2233182
අකුරැස්ස041-3131216
වීරකැටිය047-2257143
දික්වැල්ල041-2255055
නෙළුව091-3098911
අක්මීමන091-3121736
ලුණුගම්වෙහෙර070-4340716
වීරවිල070-4340714
වයඹ පළාත
ස්ථානයදුරකථන අංකය
කුලියාපිටිය037-3879228
වාරියපොළ037-2268375
මාවතගම037-2298668
පඩුවස්නුවර037-2291803
දොඩම්ගස්ලන්ද037-2252655
නාත්තණ්ඩිය032-2050815
වෙන්නප්පුව031-2277199
අලව්ව071-8457013
උතුරු පළාත
ස්ථානයදුරකථන අංකය
මන්නරාම023-2251917
වව්නියාව024-2054558

Related Posts