කොවිඩ් වසංගතයේ ඇත්තම තත්ත්වය ගැන සුදර්ශනීගෙන් සංවේදී ප්‍රකාශයක් !

Spread the love

කොවිඩ් -19 වසංගතයේ සැබෑ තත්ත්වය ගැන කොවිඩ් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් විශේෂ ආයාචනයක් කරනවා.

“මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වර්ධනයක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශල තදබදයක් තියෙනවා. ඔකිසිජන් අවශ්‍යතාව දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනනවා.

ඊයෙත් 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් පමණ සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවමත් රෝගය සමාජය තුළ පැතිරීමක් සිදුවෙනවා. අලුත් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරෙනවා. මරණ වැඩි වෙලා තිබෙනවා.

රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුත= කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා. මේක වසංගතයක් ඒක වසන් කළොත් අපිත් වසන් වෙලා යයි. රටේ ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න. එහෙම වුණොත් අපට මේක පාලනය කර ගන්න පුළුවන්. මේක වසංගතයක්. ඒක වසං කළොත් අපිත් වසංවෙලාම යයි‘‘

Related Posts