නව ව්‍යවසායකයින් 50,000ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” ජාතික වැඩපිළිවෙළ ඇරඹෙයි
සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ “Hope 4 Sri Lanka” වැඩසටහන අමාත්‍යතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය …
Continue Reading
අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලන්න එපා – බැසිල් ඇමැතිවරුන්ට කියයි
මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. ඊයේ (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ඉල්ලීම කළ මුදල් අමාත්‍යවරයා සහල් මිල රුපියල් 20කින් පමණ අඩු කිරීමට හැකියාව තිබියදී ව්‍යාපාරිකයන් හතරදෙනකු සහල් වලින් අධික ලාභයක් ලබන බවද සඳහන් කළා. මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් මුදල් …
Continue Reading
මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති හෙළිකළ රහස
ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ පැවසීය. තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වසර තුනක් නොව ඉන් පසුව ද තවත් වසර පහක් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
Continue Reading
රට විවෘත කිරීමේ ක්‍රියාදාමය සිදුවන්නේ දේශපාලන හේතූන් මත නෙවෙයි – නාමල් රාජපක්ෂ
ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව අද (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරනය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම්ව හා ක්‍රමවත්ව සිදුකිරීමට …
Continue Reading
මැතිවරණ නීතී ප්‍රතිසංස්කරණයට මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා 155ක්
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති සභානායක සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබේ. මෙයට අමතරව, මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින් යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත් වී ඇති බව මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව පත් කර ඇති …
Continue Reading
‘ආණ්ඩුවේ මුට්ටිය කුඩුවෙන්න දෙනවා‘ – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්
විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත් ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව පැවසූවේ අද (18) පෙරවරුවේ …
Continue Reading
ඩෙල්ටා වසංගත අවදානමක් දක්වා ගමන් කරලා – PHI සංගමය
කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඉදිරියේදී පත්විය හැකි බවත් ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් රට ඉතා අවාසනාවන්ත තැනකට තල්ලු වීම නොවැළැක්විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. මෙහිදී කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් …
Continue Reading
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකරන්න සියලු දෙනාගේ සහාය ඕනෑ – මුදල් ඇමැති බැසිල්
තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස වත්මන් රජයට ඡන්දෙ දුන් බවත් කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නේ සිටින බව කී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස තම මූලික ඉලක්කය සහල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය …
Continue Reading
කොවිඩ්: සංචරණ සීමා ඉවත්කළ ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය සහ ඊශ්‍රායලයට සිදුවූ දේ !
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා සහ මරණ සංඛ්‍යාව ගැන බරපතළ විවේචන පැවතින අතරතුර වඩාත් බිහිසුණු බව කියන (සැර) ඩෙල්ටා ප්‍රභේදය ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ අතර සංචරණ සීමා ලිහිල් කිරීම ඇතුළු පියවර රැසකට ආණ්ඩුව යොමු වෙමින් තිබෙන අතර වසංගතයෙන් ආරක්ෂා වීමේ ‘වගකීම‘ ජනතාව වෙත පැවරීමට බලධාරීන් සුපුරුදු ලෙස පියවර ගෙන තිබෙනවා. ඔවුන් කියන්නේ ‘ජනතාව සැලකිලිමත් වුණොත්, ආරක්ෂා වුණොත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ …
Continue Reading
මැතිවරණ කොමසාරිස්ගේ ලිපියට ‘හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්ගෙන් දැඩි ප්‍රතිචාර‘
මැතිවරණ කොමිෂම සහ එහි කාර්යභාරය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමාජමාධ්‍ය උපයෝගී කර ගනිමින් අනිසි බලපෑම් කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය ජූලි 16 වැනිදා නිකුත් කළ නිවේදනයට හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් පිළිතුරු සපයමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ තත්ත්වය ගැන නිවැරදි – සමබර සහ …
Continue Reading