‘ආණ්ඩුවේ මුට්ටිය කුඩුවෙන්න දෙනවා‘ – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

Spread the love

විදුලි බල මණඩල විකිණීමේ පියවරක් ලෙස කෙරවලපිටිය ලක්දනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති ආණ්ඩුවේ තීරණය මුට්ටිය දමා බැලීමක් බවත් ආණ්ඩුවේ මුටිටි කුඩුවෙන්න පහර දෙන බවත් ලබන 20 වෙනිදායින් පසු කෙරවලපිටිය යුද පිටියක් බවට පත්කරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා බව පැවසූවේ අද (18) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එම මාධ්‍ය හමුව සඳහා ලංකා විදුලි සේවක සංගමයේ උප සභාපතිවරුන් වන අර්ජුන රණජීව, සුරෙස් අත්තනායක, උප ලේකම් එම්. උගාස්, භාණ්ඩාගාරික එ.එම් පත්මසිරි, සංවිධායක ලේකම් මනෝජ් ප්‍රියංකර යන අයද සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා, “විදුලි බල මණ්ඩලය බැසිල්ලාගේ, මහින්දලාගේ, ගෝටලාගේ අප්පගේ බූදලේ” නොවන බව සඳහන් කළ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ලබන 20වන අඟහරුවාදා විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නායකයින් කොළඹට කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. එමෙන්ම සෑම ගමකම පන්සල් මූලික කර ගෙන පාරිභෝගික කමිටු පිහිටුවන බවත් ඒ හරහා ඇමරිකාවට විදුලි බල මණ්ඩලය විකිණීමේ ආණ්ඩුවේ කූඨ උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කරන බව ද ඔහු සදහන් කළේය.

Related Posts