ගෑස්වලට තවත් ගැසට් දෙකක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් සහ බර සඳහන් කළ යුතු ආකාරය ගැන සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. 10 (1) (a) of the CAA Act, No. 09 of 2003 පනත මගින් පාරිභෝගික සේවා අධිකාරියට පවරා ඇති බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසනායකගේ …

Continue Reading

‘ලංකාව පුරාම ඩෙල්ටා ආසාදිතයින් සිටිනවා‘ – සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දැකිය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඩෙල්ටා ව්‍යාප්තිය ගැන අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ බස්නාහිර පළාත, උතුරු, දකුණු හා නැගෙනහිර පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති අවස්ථාවකදී මෙවැනි සිද්ධීන් රටේ සෑම දිස්ත්‍රික්කයකම සොයාගත හැකි බවයි. සෞඛ්‍ය බලධාරීන් විසින් මේ …

Continue Reading

T20: මැදපෙළ සහ පසුපෙළ අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාව යළි පරාජයේ රස බලයි

ඉදිරි පෙළ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත් වුවත් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 15 ක් ඇතුළත බිඳ දැමීමට භුවනේෂ්වර් කුමාර් ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් සමත්වීම මත තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (25 දා) සමත්වූවේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 165 ක ඉලක්කයක් …

Continue Reading

‘ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ රට ව්‍යසනයක් අද්දර‘ – වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ

කොවිඩ් වසංගතයේ අලුත් තත්වය තේරුම් නොගෙන මේ වනවිට සිදුවන නොසලකා හැරීම් නිසා ලංකාවත් බරපතල ව්‍යසනයකට ගොදුරුවීමේ ඉඩක් ඇති බව ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි. විශේසඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මේ බව පැවසූවේ අද (24) කොළඹදී පැවති ජාතික විද්වත් සංවිධානයේ මාධ්‍ය හමුවේදීයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අබේසිංහ මහතා …

Continue Reading

Delta ව්‍යාප්තිය සමග රෝහල් පද්ධතිය අර්බුදයක

ලෝකය පුරා කොවිඩ් වසංගතයේ බරපතළ තත්ත්වයක් ඇති කළ ‘සැර වෛරස් ප්‍රභේදයක්‘ වශයෙන් සැලකෙන ඉන්දියානු වෛරසය හෙවත් ‘ඩෙල්ටා ප්‍රභේදය වැළඳුන රෝගීන්ගෙන් රෝහල් පිරී ඉතිරී සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අසීරුතාවයකට මුහුණදී ඇතැයි ඩේලිමිරර් ඊ පුවත්පත ඊයේ වාර්තා කළා. එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වුණේ ජාතික රෝහල් පද්ධතිය තම උපරිම ධාරිතාවට පැමිණ ඇති බවත් ඉඩකඩ නොමැතිවිම හේතුවෙන් රෝගීන් මූලික රෝහල් වලට මාරුකර යැවීමට …

Continue Reading

ශ්‍රී ලංකාවේ විවාහ නීතියේ අවුල නිසා ‘බැටකන තරුණ පරපුර‘

ශ්‍රී ලංකාවේ නීතිගත විවාහ වයස් සීමාව අවුරුදු 18 වන අතර අවුරුදු 16 ඉක්මවූ පසු තරුණියකට හෝ තරුණයෙකුට රිසි අයෙකු සමග ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත් එසේ ගැබ් ගන්නා වයස අවුරුදු 16 ඉක්මවූ තරුණියකට අවුරුදු 18 වන තෙක් විවාහ විය නොහැක. යෞවන වියට පා තබන දියණියක හෝ පුතෙකු සිටින දෙමව්පියන්ගෙන් අති බහුතරය සිය දරුවන් ප්‍රේම සබඳතා කෙරෙහි යොමුවන්නේ ද යන්න …

Continue Reading

ළමා අපචාර – ළමා හිංසනයට එරෙහි බොරු කිඹුල් කදුළු එපා !

ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි. අපරාධකරුවා, චූදිතයා කුමන තරාතිරමක අයෙකු වුවත් වින්දිතයා වන්නේ දරුවන් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් …

Continue Reading

‘ඔයා එක දවසක් මාත් එක්ක එන්න… මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්’

“ඔයා එක දවසක් මාත් එක්ක එන්න මම ඊට පස්සේ ඔයාව නිර්දේශ කරලා ලියුම දෙන්නම්. මට ඔයාව දැක්කාම මාර ආසාවක් දැනෙනවා.” “රස්සාව ඕනේ නම් මාත් එක්ක සෙක්ස් කරන්නම වෙනවා. හස්බන්ඩ් දැනගන්න ඕනේ නැහැ.” “ඔයා මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ. මට ඔයාට උසස්වීමක් දෙන්න පුළුවන් මාත් එක්ක දවසක් ගත කරන්න එන්න පුළුවන් නම්.” මේ සියල්ල විවිධ ආයතනවල රැකියාවේ යෙදෙන, රැකියා අපේක්ෂිත සහ …

Continue Reading

යහපාලන අපේක්ෂා සක්‍රිය වුණත් ‘රනිල් – සිරිසේන කල්ලිය‘ නන්නත්තාරයි !

පසුගිය ජූලි 17 වෙනි සෙනසුරාදා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය,  විපක්‍ෂ කණ්ඩායම් සමග එක් මේසයකදී හමුවිය. එදින විද්යුත් මාධ්‍ය නාලිකාවන්ට  එය තවත් සිද්ධියක් පමණක් විය. හේතුව රටේ වර්තමානයේ  ප්‍රමුඛතාවය තෝරාගත නොහැකි වීමය.  හැම දිනකම, සංඛ්‍යාවෙන් ඉහළ යන, කොවිඩ් මරණ, වසංගතයට ගොදුරුවූ රෝගින් ප්‍රමාණය, වන අලි පහරදීම් සහ මරණ,  පොහොර හිඟයෙන් පාළු වූ ගොවිබිම්වලට  රැස්ව ආණ්ඩුවට සාප කරන ජනතාව  ආදි බොහෝ අනුවේදනීය …

Continue Reading

නව යොවුන් දරුවන් සඳහා නිවැරදි ඉගෙනුම් පද්ධතියක් සහතික කිරීම

නව යොවුන් වියේ දරුවන් පරිවර්තනය වන ලෝකයක වැඩෙමින් සිටී. තාක්‍ෂණය, සංක්‍රමණය, දේශගුණික විපර්යාස සහ ගැටුම් සමාජය නැවත හැඩගස්වන අතර ලොව පුරා සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතවල හා රැකියාවේ අනපේක්ෂිත වෙනස්කම් වලට අනුවර්තනය වීමට බල කෙරෙයි.  නව යොවුන් වියේ දරුවන්ට ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නන් වීමට, ඵලදායී කාර්යයන් සුරක්ෂිත කිරීමට, දැනුවත් තීරණ ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන් සමඟ ධනාත්මකව සම්බන්ධ වීමට අධ්‍යාපනය හා කුසලතා …

Continue Reading