කොවිඩ් ආසාදිත මරණ 186ක් තහවුරු කරයි

ඊයේ (18) කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් 186 දෙනකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (19) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 147 දෙනකු වයස අවුරදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වසය අවුරුදු 30-59 අතර පුද්ගලයින් වේ. වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් 04 දෙනකු …

Continue Reading

තානාපතිවරියන් තිදෙනෙක් බැසිල් රාජපක්ෂ හමු වෙයි

නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරියෝ අද (19) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු විය. මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බව නෝවේජියානු තානාපතිනී Hilde Berg-Hansen මහත්මිය මුදල් අමාත්‍ය බැසිල් …

Continue Reading

තංගල්ලේ හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය ඉවතට

2011 වසරේ දෙසැම්බර් මස 25 තංගල්ල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පනවා ඇති දඬුවම් 2014 වසරේ ජූලි 18 වන දා සිට ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. තමන්ව එම දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් …

Continue Reading

වෛද්‍යවරුන් 209කට සහ හෙද නිලධාරීන් 1000කට කොරෝනා

මේ වන විට දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇති අතර කොරෝනා වයිරසයේ සංකූලතා හේතුවෙන් මේ වන විට වෛද්‍යවරු තිදෙනකු මියගොස් ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. කොරෝනා ආසාදිත වෛද්‍යවරුන් අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකු සහ හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 17 දෙනකු ද සිටින බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ. ‘‘මේ වන විට වෛද්‍යවරු 30ත් 40ත් අතර ප්‍රමාණයක් …

Continue Reading

රට වසා දමන්න – මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලති

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියකට රට වහන්නැයි මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නා හිමියන්ගේ සහ  වරකාගොඩ ශ්‍රී ඥානරතන  අස්ගිරි පාර්ශවයෙන් මහ නාහිමියන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් මහා නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් එම ඉල්ලීම කර ඇත. මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ ඉහත ඡායාරූපය හා ලිපියේ අන්තර්ගතය අතර …

Continue Reading

කණ්ඩායම් 9කට සංචරණ සීමා ලිහිල් කරයි

සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමත් සමග පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම්  9ක්  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (19) ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කණ්ඩායම්වලට පළාත් අතර ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ  මහජන සේවා යථා පරිදි පවත්වාගෙන යෑම සඳහා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ අනුව, සෞඛ්‍ය සේවා, පොලිසිය, ත්‍රිවිධ හමුදාව , රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය නිල චාරිකාවල නිරත …

Continue Reading

පාන් ගෙඩියක් රුපියල් පහකින් ඉහළට

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය‍. නව මිල සංශෝධනය අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ද, රෝස්පාන්, බනිස්, කිඹුලා බනිස් සහ මාළුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනයන් රුපියල් 10 බැගින් ද, කේක් කිලෝවක් රුපියල් 100 කින් ඉහළ දැමූ බව ජයවර්ධන මහතා …

Continue Reading

සති තුනකවත් රට වසා දමන්න – ‘ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක්‘ ජනපතිගෙන් ඉල්ලයි

රට අගුළු දැමීමට යෝජනා කරමින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 10ක් විසින් ජනපතිවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙම අවස්ථාව ජාතික ආපදාවක් ලෙස සලකා එයට මුහුණ දීමට සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් සකසන ලෙස යෝජනා කර ඇත. මේ වන විට ජනාධිපතිවරයා විසින් රට වසා නොදමන බවට දැඩි ස්ථාවරයක සිටියත් පොදු ජනතාව විසින් …

Continue Reading

තවත් නගර 18ක් ස්වේච්ඡාවෙන් වසා දමයි

කොවිඩ්-19 අවදානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කිරීම සමග දිවයින පුරා මෙසේ වසා දැමූ නගර සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගියා. මෙම නගර ස්වේච්ඡාවෙන් වසා දැමුව ද මෙම නගරවල ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් …

Continue Reading

‘මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නැද්ද ?‘

‘වැල්දොඩම්‘ වගාව නැතහොත් ‘පැෂන් පෘෘට්‘ වගාව ව්‍යාපාරික වගාවක් වගේම ගෙවතු වගාවක් ලෙසත් ලංකාවේ බහුලව සිදුවෙනවා. ඒත් වැල්දොඩම් වගාකරන බොහෝ දෙනෙක්ට ඇති ගැටලුවක් තමයි මල් හැදුනට වැල්දොඩම් වැලේ ගෙඩි නොහැදීම. මේ නිසා වගාකරුවන් වගේම ගෙවත්තේ වැලක් දෙකක් වවා ගන්නා පිරිසත් අධෛර්යයට පත් වෙනවා. එහෙත් මේ ගැටලුවට නිසි, විද්‍යාත්මක පිළියමක් තිබෙනවා. වැල්දොඩම් වැලේ මල් පමණක් දැක දැක කණස්සල්ලට පත්ව සිටින ඔබට ගෙඩිවලින් …

Continue Reading