සිල් රෙදි වංචාවට වරදකරුවන් වූ ලලිත් වීරතුංග-අනූෂ පැල්පිට ඇප මත නිදහස්!

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති සහ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් මුදා හැරි අතර ඇපකරුවන් තිදෙනාගෙන් …

Continue Reading

ලලිත් – අනූෂත් සුපුරුදු රංගනයට; බන්ධනාගාර රෝහල් ප්‍රධානියාට අල්ලස්!

මෙරට ජනතාවගේ මහජන මුදල් ගසා කෑ, බලය වෙනුවෙන් මිනී මැරූ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පාපතර සහචරයින් වරදකරුවන් වී බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකදීම පැය 24ක් ගත වීමටත් මත්තෙන් සිදුකළේ බන්ධනාගාර රෝහලට රිංගා ගැනීමයි. එම සුපුරුදු තක්කඩි රංගනය පෙරේදා බන්ධනාගාර ගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටත් ඊයේ(08)ම සිදුකළේය. මහජන මුදල් කොල්ල කෑ සහ ඊට අනුබල දුන් අයවලුන් මෙලෙස බන්ධනාගාර ගත කළ …

Continue Reading

සිල්රෙදි නඩුව: රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ දෙපලක් වරදකරුවෝ වෙති

සිල් රෙද්දට මුවා වී රාජ්‍ය මුදල් අපහරණය කළ රාජපක්ෂ රෙජීමයේ සහචරයින් දෙපලක් අද නීතිය ඉදිරියේ වරදකරුවෝ බවට ඒකමතිකව තීරණය විය. 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව අද(07) ලබා දී තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා …

Continue Reading

අනූෂ පැල්පිට ගැන වජිරගේ පාර්ශවය කියන කථාව

පසුගිය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන අනූෂ පැල්පිට සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පාර්ශවයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා ඇති අතර එය අප මෙලෙස සංස්කරණයකින් තොරව පළ කර සිටිමු. පසුගිය රජය පැවති කාලයේ දී විවිධ චෝදනා එල්ලවි ඇතැයි කියන අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇතැයි පසුගිය දිනවල දී ඇතැම් මාධ්‍යවලින් …

Continue Reading