ජනපති පාර්ලිමේන්තුවට යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ යූ.කේ. සුමිත් යන මහත්වරු විසින් පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී ජනාධිපතිතුමා පිළිගනු ලැබීය. පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනපතිවරයා එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය. නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය ඇමතීමෙන් පසු ජනාධිපතිවරයා සභාවේ අසුන් ගත් පස්වන අවස්ථාව මෙයයි.
Continue Reading
‘වරාය නගර පනත සම්මත කර ගන්නට ආණ්ඩුවට මේ තරම් හදිසි ඇයි ?’ – ජවිපෙ නායක අනුර කුමාර
කොළඹ වරාය නගර සංවර්ධන පනතට එරෙහිව අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වල තීන්දුව ප්‍රකාශ කිරීමටත් පෙර එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව දරණ උත්සාහය තුළින් එහි භයානකකම තහවුරු වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ජවිපෙ නායකයා මේ අදහස් පවසා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු පළකළ සම්පූර්ණ අදහස් මෙසේය…. “ආණ්ඩුව විසින් පසුගිය අප්‍රෙල් …
Continue Reading
2020 උසස් පෙළ විභග ප්‍රතිඵල නිකුත් වෙයි
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. 2020 උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසුවන සිසුන්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල බලා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
Continue Reading
‘ලංකාවේ කාන්තාවෝ ගැන’ අමිහිරි ජාත්‍යන්තර හෙළිදරව්වක් !
කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව 2006 වසරේ සිට 2021 වන විට ශ්‍රී ලංකාව ස්ථාන 113ක් පහත වැටී තිබේ. 2021 ලෝක ආර්ථික සංසදය (WEF) නිකුත් කළ වාර්තාවට අනුව, 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණු අතර ලෝකයේ රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු විය. නමුත් 2021 වාර්තාවේ …
Continue Reading
ඉන්දිය කොවිඩ් සුනාමිය අස්සේ ‘මෝදි ආණ්ඩුව’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් බැටකයි !
-
Editor
-
May 3, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය. මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි. එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය. භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු …
Continue Reading
Covid-19 ආරක්ෂා වීමට ‘ගර්භණී මවුවරුන්ට‘ විශේෂ උපදෙස් මාලාවක්
මේ වන විට රෝහල් කිහිපයකින්ම කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 70 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ හේතුවෙන් ගැබිනි මව්වරුන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ සිල්වා මහත්මිය මෙසේ ද පැවසුවාය. ‘‘විශේෂයෙන් ම මේ වන විට පවතින කොවිඩ් වෛරසය දරුවන් ට හා ගැබිනි මව්වරුන්ට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් …
Continue Reading
මෙරට කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම සංඛ්‍යාව වාර්තා වෙයි !
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (03) වාර්තා වී තිබෙනවා. අද සවස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද දින නව කොවිඩ් ආසාදිතයින් 1913 දෙනකු වාර්තා වූ බවයි.
Continue Reading
ඇතෙක් විදුලි රැහැනකට බිලි
තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරගහවැව, වැව්ඉස්මත්ත ආසන්න ඉඩමකට පැමිණි ඇතෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් තිබෙනවා. මෙම ඇතාගේ වයස අවුරුදු 25ක් පමණ වන බවත් පසුගිය 02 වැනිදා අලුයම මෙම ඇතා ඝාතනය වී ඇති බවත් වනජීවී නිලධාරීන් පවසනවා. ලංකාව ලෝකයේ වැඩියෙන්ම අලි ඝාතන කරන රටවල් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබුණත් දෛනිකව සිදුවන මෙවැනි අලි ඝාතනවලට එරෙහිව තිරසර පියවරක් ගන්නා බවට පෙනී නොයන …
Continue Reading
‘පූජිත්ට සහ හේමසිරිට එරෙහිව’ චෝදනා 1728ක් යටතේ අපරාධ නඩු ගොනු කරනවා – නීතිපති කියයි
ඉතා පැහැදිලි බුද්ධි අංශ වාර්තා ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මිනී මැරීම හා මනී මැරීමට තැත් කළ බව ඇතුළු චෝදනා 1728 ක් යටතේ නඩු පැවරීමට නීතිපති දප්පුල ද ලිවේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ …
Continue Reading
ආණ්ඩුවේ කොරා්නා පාලනයත් ‘ධම්මික පැණිය වගෙයි’ – බිමල් රත්නායක
‘අන්ත අරාජික නූගත් උද්දච්ඡ දේශපාලන තීන්දු ගන්නා ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය තම නොහැකියාව හා උද්ධච්ච හැසිරීම වසා ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යනවා‘‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුව සදහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී …
Continue Reading