නගර ග්‍රාම නිර්මාණ සංශෝධන කෙටුම්පත ගැන අධිකරණ තීරණය කතානායක ප්‍රකාශ කරයි
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබද අධිකරණ තීරණය අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය. එහි දැක්වුණේ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බවය. එම නිසා මෙය සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එසේම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම …
Continue Reading
සංශෝධන සහිතව ප්‍රකාශය කරන්නේ නෑ – රනිල්
තම විශේෂ ප‍්‍රකාශය පාර්ලිමේන්තු මහලේකම් විසින් කපාකොටන ලදැයි චෝදනා කරමින් විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා එම ප‍්‍රකාශය අද (01) නොකළේය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබීමත්, සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇති අධිකරණ තීන්දුවටත් අදාලව විශේෂ ප්‍රකාශයක් කිරීමට රනිල් වික්රමසිංහ මහතා විසින් 29 වන දින සූදානම් වුවද ඊට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විරෝධය පෑම නිසා පාර්ලිමේන්තු …
Continue Reading
නියෝජ්‍ය ඇමති සරණට පාර්ලිමේන්තු සභාවාර සතියකට අත්හිටුවයි
ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගී වීම සතියක කාලයකට අත්හිටුවා තිබේ. ඒ බව අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණ. පසුගිය 21 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇති වු නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණවලින් අනතුරුව එම අත්හිටුවීම සිදු කර තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම අදාළ නොසන්සුන් …
Continue Reading