හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය

එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත හකුලාගන්නා ලෙස රජයට බලකිරීම හා ජනතා සහන ලබානොදුන් අයවැයට විරෝධය පලකිරීම මුල්කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබෙන බවයි. එහිදී …

Continue Reading

අයවැයෙන් අමතක කල තරුණ පරපුරේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා – බිමල් රත්නායක

අපේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියා අහිමිවූ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ හත්වැනි අයවැයෙනුත් සහන ලැබී නැතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා …

Continue Reading

අයවැයට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් පවත්වනවා – ජවිපෙ

අයවැයට එරෙහිව ජවිපේ රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) උදේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපටදී ජනතාව දැනුවත්කිරීමේ අත්පත්‍රිකා බෙදීමට එක් වෙමින් කියා සිටියේය. ”පවතින ජීවන වියදම් දැඩි අර්බදයට මුහුණ දීමටනම් අවම වශයෙන් රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින්ද පෞද්ගලික අංශයේ සේවක වැටුප් 40% කින් වැඩිකළ යුතු යැයි අපි ආණ්ඩුවට බලකරනවා. 2011 අයවැයෙන් දුන් පොරොන්දු කිසිවක් ඉටු …

Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්ට රනිල්ගෙන් ලිපියක්

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ හා ඊට පෙර ඇතිවූ සිදුවීම් පිළිබඳව කරුණු දන්වා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ආචාර්ය විලියම් එෆ්.ශිජා වෙත ලිපියක් යොමු කර තිබේ. ලිපියෙන් ඉල්ලා සිටින්නේ එහි සඳහන් කරුණු සලකා ඒ පිළිබඳව අදාළ පුද්ගලයන් හා ආයතන වල අවධානය යොමු කරන ලෙසයි. ආරක්ෂක අංශ යොදවා ආණ්ඩුව අයවැය දිනයේ පිටත පිවිසුමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පරීක්ෂාවට …

Continue Reading

ජනතාවට සහන නැති අයවැයක් – ජවිපෙ

නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව ඡන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය. ඊයේ (23) උදේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් …

Continue Reading

ශ්‍රී ලංකාව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට ගත් තීරණය නිවැරදියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ශ්‍රී ලංකාව රුපියලේ අගය  අවප්‍රමාණය කිරීම සඳහා ගනු ලැබූ තීරණය නිවරදි පියවරක්  බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ශ්‍රී ලංකා නේවාසික නි‍යෝජිත කොෂි මාතායි පවසන්නේ, මෙය අපනයන තරගකාරීත්වයේදී දිවයිනට හිතකර තීරණයක් බවයි. එසේම එය මධ්‍ය කාලීනව සැලකීමේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙස ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුන්වා දෙයි. 2012 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා …

Continue Reading