සුසන්තිකා ඇවිත් දෙමසක වැටුප් හීන්සීරුවේම රැගෙන ගිහින්

Spread the love

සුසන්තිකා ජයසිංහ මහත්මිය පෙරේදා (13) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තම දෙමසක වැටුප් රැගෙන ගිය බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි. ඇයගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය ඒ අනුව හමාර වී ඇති බවත් පවසන ඇමැතිවරයා පසුගිය කාලයේ ඇය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතුව තිබුණු කාර්ය රාජකාරි වාර්තා ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවද පවසයි.

ලේකම්වරයා මේ සම්බන්ධ ලිපි ඇය වෙත යවා ඇති බැවින් තමන් මේ සම්බන්ධන විමසීමක් නොකළ බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

තමන්ට ඇය සමග කිසිඳු ගැටලුවක් නැති බවත් ඇයටද තමා සමග කිසිඳු ගැටලුවක් ඇතැයි තමන් නොසිත බවත් ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

RSL

Related Posts