විෂ සහිත කඩදාසිවලින් මුද්‍රණය කළ පෙළපොත් දරුවන්ගෙන් ඉවත් කරන්න

Spread the love

විෂ සහිත කෘතිම කඩදාසිවලින් මුද්‍රණය කළ සියලු පාසල් පෙළපොත් දරුවන් වෙතින් ඉවත් කර වගකිවයුත්තන්ට එරෙහිව වහා දඬුවම් ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

‘හොඳම දේ දරුවන්ට’ යෑයි වැඩිහිටියන් විසින් නිතර කරන ප්‍රකාශය දේශපාලකයන් විසින් ක්‍රියාවෙන් වෙනස්‌ කර ඇතැයි පවසන වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්‌ විය හැකි විෂ සහිත කෘතිම කඩදාසිවලින් මුද්‍රණය කළ පාසල් පෙළපොත් බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව ද කීවේය.

මෙම කෘතිම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ නිර්දේශයන්ට ද පටහැනිව බව පවසන වෛද්‍ය නවීන් ද සොයිසා මහතා විද්වත් වාර්තා සැලකිල්ලට නොගෙන සිදුකළ මෙම අත්තනෝමතික ක්‍රියාකාරකම පිළිබඳ වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

RSL

Related Posts