ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර පෙරේදා (28) සවස කොළඹදී විශේෂ සාකච්ඡුාවක් පැවති අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව නිම වී තිබේ.
මෙම සාකච්ඡාවලදී සිය පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් යම් එකඟතාවට පැමිණීමට හැකි වූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම සාකච්ඡුාවට තමා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පක්ෂ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද සහභාගි වූ බවත් මහලේකම්වරයා සඳහන් කළේ ය.
පැය 2කට පමණ ආසන්න කාලයක් මෙම සාකච්ඡුා පැවැත්වුණු බවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම, කැබිනට් ඇමැතිවරුන් තිහකට සීමාකිරීම සහ විද්‍යාත්මක ලෙස අමාත්‍යංශ වෙන් කිරීම ඇතුළු කරුණු කාරණා රැුසක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කළ අතර ඒ සඳහා ඔහු එකඟතාව පළ කළ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වීමේ වැදගත්කම මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට දැනුම් දුන් බව කී මහලේකම්වරයා ඉතා සුහදශීලීව සාර්ථක ලෙස එම හමුවීම අවසන් කළ බවද කියා සිටියේය.
දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා නොකළ බව කී මහලේකම්වරයා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡුාවලදී තවදුරටත් සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡුා කරන බවද කීය.
ලබන සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයෙන් පසු නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.