ඇමති රාජිත, සජිත්ට කනේ පහරක් ගසමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි කියාදෙයි (වීඩියෝ)

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගොඩනගන බවත්, එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලමින් රට පුරා සිදුකරන විරෝධතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාසට ගම් මට්ටමේ බිම් මට්ටමේ බහුතරයක් කැමති වුවද එය රටේ බහුතරය නොවන බවත් ඔහුට නාගරික මට්ටම, මධ්‍යම පාන්තිකයන්, බුද්ධිමතුන්, උතුරු නැගෙනහිර පළාත්, සුළුජාතීන් යන සියළු සාධක සලකා බැලූ කළ බහුතරය ඔහුට අකමැති බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට මන්ත‍්‍රී කණ්ඩායමෙන් තුනෙන් දෙකක් කැමති බවට මංගල සමරවීර මහතා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ තමන්ද එම පාර්ලිමේන්තු කණ්ඩායමේ සිටින බවත් තමන් එවන් තත්ත්වයක් නොදන්නා බවත්ය.

පක්ෂ නායකත්වය හෝ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගත යුත්තේ පක්ෂය තුළ සාකච්ඡා කරමින් මිස හන්දි ගානේ කෑකෝ ගසමින් නොවන බවද කී ඔහු පක්ෂ ඉතිහාසයේ කිසිදිනක පක්ෂ නායකත්වය බිත්තියට හේත්තු කර නායකත්වය ගැනීමේ ක්‍රමයක් නොතිබූ බවද සඳහන් කළේය.

මෙවර අපේක්ෂකයා ඉල්ලන්නේ ගම්සභාවක් පාලනය කිරීමට නොව වට ජනාධිපතිවරයා වීමට බවද ජනාධිපති අපේක්ෂකයන් හන්දි ගානේ හැඳීමට නොහැකි බවද සඳහන් කළේය.

RSL

Related Posts