මහ බැංකුවේ හොල්මන්කාරයෝ සිටිනතාක් රුපියල ස්ථාවර කරන්න බැහැ
- RSL
- January 10, 2019
- ආර්ථික සහ ව්‍යාපාරික, උණුසුම් පුවත්
- Central Bank of Sri Lanka, Ravi Karunanayake, Sri Lankan Rupees
- 0 Comments
මහ බැංකුවේ හොල්මන්කාරයෝ ඉන්න තාක් කල් රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වර්තමානයේ දී රුපියලේ අගය සීඝ්‍රයෙන් පිරිහීමේ තත්ත්වයට විසඳුම් මොනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා අසා සිටියේ, ආණ්ඩුවේ අස්ථාවරත්වයක් තිබිය දී රුපියල ශක්තිමත් විය හැකි නම්, ස්ථාවර ආණ්ඩුවක් තිබෙන විට රුපියල් අවප්‍රමාණය වන්නේ කෙසේද යන්නයි.
“අපේ අස්ථාවරතාවයක් තියෙන වෙලාවේ රුපියල ශක්තිමත් වෙන්න පුළුවන් නං, අපිට ස්ථාවර ආණ්ඩුවත් තිබ්බාම, මේක කොහොමද අවප්‍රමාණය වෙන්නේ? මේ අයට ඕන විදියට නටවන්න හදන්නේ. ඒකට තියෙන්න ඕනේ ශක්තියක්, ඒ අයට විරුද්ධව කටයුතු කරන්න“, යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

