පොලිසියේ මර්දන බල ඇණිවල අද සුදානම මෙහෙමයි!

Spread the love

ඒකාබද්ධ විපක්ෂය විසින් අද (05) දින පැවැත්වීමට සංවිධානය කොට ඇති උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාළිය හේතුවෙන් කොළඹ ආරක්ෂාවට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් යෙදවීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු විශේෂ ස්ථාන සඳහාද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවට වාර්තාවේ.

කැරලි මර්දන ඒකක සහ අමතර පොලිස් බළඇණි සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා සීරුවෙන් තබා ඇතැයිද වාර්තාවේ.

මේ අතර ඊයේ (04දා) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද දින පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

උද්ඝෝෂණය නවත්වන්නවත්, විරෝධතාව නවත්වන්නවත් පොලිසිය විසින් කිසිම නියෝගයක් අපි අධිකරණයෙන් ඉල්ලලා නැහැ. අපේ රජය මේ රටේ ඕනෑම අයකුට විරෝධතා දක්වන්න, රැස්වීම් තියන්න අවසර දීලා තියෙනවා.

විශේෂයෙන් විශේෂ අධිකරණයටත්, එෆ්.සී.අයි.ඩී.යටත් අපි විශේෂ ආරක්ෂාව දෙනවා. අපිට තොරතුරු ඇවිල්ලා තියෙනවා මේ ස්ථානවල තියෙන නඩු ෆයිල්වලට, නඩු කටයුතුවලට බාධාවක් වෙන්න කටයුතු කරනවා කියලා. පොදු විපක්ෂයේ විශාල පිරිසකට යම් යම් චෝදනා එල්ල වෙලා තිබෙනවා.

මේවායේ නඩු විභාග වෙනවා. මේ තැන් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. ඒවාට තමයි අපි උසාවි නියෝග ගන්නේ.

ආශ්‍රිත පුවත්: අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!

RSL

Related Posts