මෙරට රාජ්‍ය නිලධාරීන්් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික අල්ලස් හෝ ඊට සමාන ක‍්‍රියාවක් ඉල්ලා සිටින බව මෙරට ජනගහණයෙන් සියයට 46ක් විශ්වාස කරන බව, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දූෂණ බැරෝමිටර් සමීක්ෂණ වාර්තාව එළිදක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
එම නිවේදනයේ මෙසේද සදහන් වෙයි.
මෙම සමීක්ෂණය, දුෂණය සම්බන්ධයෙන් ඇති දැක්ම හා අත්දැකීම් පිළිබඳ මහජන මතය විමසන ලෝකයේ විශාලතම සමීක්ෂණයයි. සමීක්ෂණය සඳහා නාගරික හා ග්‍රාමීය පසුබිම අනුව වයස අවුරුදු 18-80 අතර පුරවැසියන් 1300ක නියැදියක් ඇතුළත් කර තිබෙනවා.
මෙම සමීක්ෂණය හරහා ප්‍රධාන කාරණා 4 ක් ඉස්මතු වී තිබෙනවා. ඒ අනුව අධිකරණය, රජය සහ පොලීසිය අතරින් වඩාත් විශ්වාසදායීම ආයතනය කුමක්ද යන්න විමසීමේදී බහුතරයක් වූ ජනතාව ‘අධිකරණය’ පිළිතුර ලෙස තෝරාගත් අතර සියයට 73ක් දෙනා අධිකරණය කෙරෙහි ඔවුනට ‘යම්තාක් දුරකට විශ්වාසයක් හෝ දැඩි විශ්වාසයක් පවතින බව’ ප්‍රකාශ කර තිබෙනවා.
ජනතාවගෙන් සියයට 25ක්ම (4/1) සමහර රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට හෝ කඩිනම් කරගැනීමට අල්ලස් ලබාදීම වරදක් නැතැයි යන මතය දරන අතර ජනතාවගෙන් තුනෙන් දෙකක් (3/2) අල්ලස් ලබා දීම අනුමත නොකරන බව සමීක්ෂණයෙන් හෙළි වුණා.
ප්‍රතිචාර දැක්වුවන්ගෙන් අඩක්ම පාහේ එනම් සියයට 46ක් ලිංගික අල්ලස්, එනම් රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට ඉල්ලා සිටීම හෝ බල කිරීමල ඉඳහිට, බොහෝවිට හෝ නිරතුරුවම සිදුවන බව විශ්වාස කරන බවත් ග්‍රාමීය හා වතු ආශ්‍රිතව ජිවත්වන ජනතාව මේ කෙරෙහි වැඩි අවධානමක් දරන බව දත්තවලින් පෙන්වා දෙන බවත් එම වාර්තාව පෙන්වා දෙනවා.
සියයට 4.86ක් පමණ වූ ජනතාව සතුව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවක් ක්‍රියාත්මක වන බවට යම්තාක් දුරකට දැනුමක් පැවැතියත් සියයට 72ක් අල්ලස හා දුෂණය සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමට යාන්ත්‍රණයක් පවතින බව නොදැන සිටි බවත් සමීක්ෂණයෙන් හෙළි වූ බව එම ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.