ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට “ගෑනු හුටපටත්”!

Spread the love

ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංගගේ බිරිය හා තිසර පෙරේරාගේ බිරිය අතර පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වූ සිදුවීම් නැවතත් ඇති නොවීමට වග බලා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි – 20 නායක ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.

කණ්ඩායමේ ක්‍රීඩකයකු සිය ස්ථානය රැක ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ බව ලසිත් මාලිංගගේ බිරිය බවට පැවැසෙන ‘ෆේස්බුක්’ ගිණුමකින් සටහන් කර තිබූ අතර එහි නිශ්චිත නමක් සඳහන් නොකළත් ‘අසරණ පැන්ඩා’ යන යෙදුම භාවිත කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් එදිනට පසුදින තිසර පෙරේරාගේ බිරියගේ බව පැවැසෙන ‘ෆේස්බුක්’ ගිණුමක් හරහා ඊට ප්‍රතිචාර දක්වා තිබීමද විශේෂත්වයකි.

තවද සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර දෙවැනි එක්දින තරගයට පෙරදින තිසර පෙරේරා තම ‘ෆේස්බුක්’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ සිය ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවකු පසුපස යෑමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධව සොයා බැලීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවද පැවැසේ.

-මව්බිම-

RSL

Related Posts