රවී 2020 ඉලක්ක කරගත් සැලසුමක!

Spread the love

රටේ ගෘහස්ථ විදුලි අවශ්‍යතාවය 2020 වනවිට 100% කින් සම්පූර්ණ කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදුලිබළ සහ පුනර්ජනනීය බළශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත්දින සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වීමෙන් අනතුරුවය.

මෙහිදී අදහස් දැක්වූ කරුණානායක සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බල ශක්ති සැපයුම ප්‍රධාන වශයෙන් ජෛව ස්කන්ධය, ඛනිජ තෙල් හා ජල විදුලිය යන මූලික සම්පත් මත පදනම් වී ඇති බවත්, රටේ ආර්ථිකය හා සමාජික සංවර්ධනයත් සමඟම දිනෙන් දින විදුලි බල ඉල්ලුම වැඩිවෙමින් පවතින බවත් ය.

ඉකුත් වසර මුළ නිකුත් වූ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාවන්ට අනුව සෑම වර්ෂයකම මෙරට තුළ මෙගාවොට් 150 – 200 විදුලි පරිභෝජනය වැඩි වන බවත්, එයට හේතුව වී ඇත්තේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වීම බවත් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළා. එම නිසාවෙන් සෑම වර්ෂයකම විදුලි අවශ්‍යතාවය සියයට 5කින් පමණ වැඩි වන බවත්, මේ වැඩිවීමට සාපේක්ෂව රට පුරා විදුලි ජනනය කිරීමේ බලාගාර ඉදි නොවන්නේ නම් දැවැන්ත විදුලි අර්බුදයකට අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

රටේ අවශ්‍යතාවය හඳුනා ගනිමින්, නිවෙස් තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළින් විදුලිය නාස්තිවීම අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා අවධාරණය කළේ ඒ තුළින් රටේ සමස්ථ විදුලි පරිභෝජනයද අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

RSL

Related Posts