බැඳුම්කර කොල්ලයට සම්බන්ධ මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසියෙන් පැනයන මඟක් සොයා ගෙන
- RSL
- May 2, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Arjun Mahendran, Bond scam, Bond Scammer, Central Bank, Ranil Wickeramasinghe
- 0 Comments
තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන ලද සිංගප්පුරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
තමා අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන හේතූන් මත සිදුවන බව කියමින් අර්ජුන මහේන්ද්‍රන් විසින් ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක් භාරදී තිබේ.
මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය පසුගියදා රතු වරෙන්තුවක් නිකුත් කළේය.
මිග් යානා මිලදී ගැනීමේ දී මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග තමා අත්අඩංගුවට නොගන්නැයි කියමින් ජාත්‍යන්තර පොලිසියට පසුගියදා අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

