මිලියන ගණන් පඩි ගෙන, බිලියන ගණන් මහජන මුදල් කාබාසියා කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය

Spread the love

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් මිලියන 40,000 ක් වැනි ඉතිහාසයේ විශාලතම අලාභය ලැබීමට ප්‍රධානතම හේතු අතර වත්මන් ආණ්ඩුව A350 ගුවන්යානා අවලංගු කිරීමට ගත් තීරණයද හේතුවී ඇති බව කෝප් වාර්තාවෙන් පෙන්වා දෙයි.

ගුවන්යානා ඇණවුම අවලංගු කිරීම සඳහා රුපියල් මිලියන 16,000 ක දඩ මුදලක් කැබිනට් අනුමැතිය ලබාගැනිමට පෙර ගෙවා ඇති බවද කෝප් වාර්තාවේ සඳහන්ය.

ඉතිහාසයේ විශාලතම පාඩුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වාර්තාකරන විට එහි 190 ක් නිලධාරීන් රුපියල් මිලියනක ඉක්මවා වැටුප් ලබාගනිමින් සිටින බව එම වාර්තාව අනාවරණය කරයි.

ඊයේ පාර්ලිමේන්තුවට එළිදැක්වු කෝප් වාර්තාවට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය කාලය පරිච්ඡේදයට සාපේක්ෂව ගෙවුණු මාස 9 ක කාලය ඉතිහාසයේ වැඩිම පාඩුව වාර්තා කර තිබුණි.

ඒ අනුව, 2014 වසරේදී රුපියල් මිලියන 31,365.83 ක්ද, 2015 වසරේදී රුපියල් මිලියන 16,329.90 ක්ද, 2016 වසරේදී රුපියල් මිලියන 12,083.62 ක් සහ 2017 වසරේදී රුපියල් මිලියන 28,339.51 ලෙසයි.

කෙසේවෙතත් ඉතිහාසයේ විශාලතම පාඩුව පසුගිය මාස 9 ක කාලයකදී ජාතික ගුවන්සේවය ලැබු අතර එය රුපියල් මිලියන 40,0000 කි.

මෙම කෝප් වාර්තාවට අනුව පාඩු ලබන ගුවන් සමාගම තුළ රුපියල් මිලියනයකට වඩා අධික වැටුප් ලබන නිලධාරීන් 190ක් සිටින බව සඳහන් වන අතර ඒ ගැන අප විමසා බැලුවේය.

කෝප් වාර්තාවට අනුව ඉතිහාසයේ ඉහළම පාඩුව ගෙවුණු මාස මෙලෙස වාර්තාවීම සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවලදී අදහස් පළවුණි.

කොහොමවුනත් අලාභ ලබන ජාතික ගුවන් සේවය රුපියල් මිලියන හතලිස්දාහක් අලාභ ලබන්න ප්‍රධානම හේතුන් අතර පසුගිය රජය A350 නව ගුවන්යානා මිලදී ගැනීමට ගත් තීරණය අවලංගු කිරීමේදී වත්මන් රජය ඒ වෙනුවෙන් වන්දි ගෙවිමට ඇතිකර ගත් ගිවිසුම ප්‍රධාන හේතුවක් ලෙස කෝප් වාර්තාවේද සඳහන් වෙයි.

නිෂ්පාදනය කළ නවීනතම A350 යානා 4 ක් අවලංගු කිරීමේ ගිවිසුමට එක්වු සභාපති අජිත් ඩයස් ඇතුලු පසුගිය පරිපාලනය අවසානයේදී ගුවන් සමාග්‍මට ගෙන දුන්නේ කිසිදු ගුවන්ගමනට එක්කර ගත නොහැකි අවුරුදු 9 කට ආසන්න කාලයක් පැරණි A330 යානයකි.

මෙම ගිවිසුම සඳහා අනුමැතිය ලබාගැනිමේ සම කැබිනට් පත්‍රිකාවට 2017.04.19 වැනි දින විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් හා එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් අස්සන් තබා තිබුණි.

කෝප් වාර්තාවට අනුව ගුවන්යානා අවලංගු කිරීමට රුපියල් මිලියන 16, 924.36 ක් වන්දියක් ගෙවිමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ අදාල මුදල ගෙවා දැමිමෙන් පසුව බව සඳහන්ය.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් මෙම ක්‍රියාව සෘජුව අනුමත කර නොමැති බවත් එමගින් ඉදිරිපත් කර ඇත්තේ එවකට මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ පමණක් බවත් වාර්තාවේ සඳහන් වෙයි.

එසේම අදාල ගුවන්යානා නිෂ්පාදන සමාගමට මහින්ද රාජපක්ෂ රජය තැන්පත් කළ ඩොලර් මිලියන 7.5 ක මුදල එම සමාගම රඳවා ගත් බව කෝප් වාර්තාවේ සඳහන් වෙයි.

‍මෙම ගිවිසුම අවලංගු කිරීම නිසා තවත් පාඩු රැසක් සිදුව ඇති බව කෝප් වාර්තාව පෙන්වා දෙන අතර ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ යුතු මට්ටමේ තිබු වසර 14 ක් පමණ පැරණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යටතේ තිබු 4R-ALH යන A330 -200 වර්ගයේ ගුවන්යානය තවත් වසර 10 ක් බදු ගෙවමින් තබා තබාගැනීමයි.

විවිධ ගුවන් සමාගම් විසින් භාවිතා කළ වසර 9 ක් පැරණි A330-200 වර්ගයේ අතිරේක ගුවන්යානයක් කල් බදු ගෙවමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමය යටතට ලබාගැනීම යන කොන්දේසි පනවා තිබුණි.

මිහින් ලංකා සමාගම විසින් කල්බදු පදනම මත ලබාගෙන තිබූ පටු බද ගුවන් යානා දෙකක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙතට පැවරී යන අවාසි දායක කොන්දේසිද ගුවන් සමාගම මෙතරම් පාඩුලැබිමට හේතුවු බව සඳහන් වෙයි.

Loading...

RSL

Related Posts