GMOA එකෙන් විශේෂ නිවේදනයක්! පෞද්ගලික ප්‍රතිකාරවලිනුත් ඉවත් වෙති

Spread the love

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කිරීම ඇතුළු කරුණු පහක් මුල් කරගනිමින් හෙට පැවැත්වෙන වෛද්‍යවරුන්ගේ වරජනයට සමගාමීව වෛද්‍යවරු සිය පෞද්ගලික ප්‍රතිකාර සේවාවලින්ද ඉවත්වීමට තීරණ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ තම ස්ථාවරය පහදා දෙමින් කරුණු දක්වා තිබේ.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

ජනතාවගේ ජිවත් වීමේ අයිතිය ඕනෑම සමාජයක් ඉතාම ඉහලින් පිලිගන්නා අයිතිවාසිකමකි. සයිටම් වැනි වංචාකාරි ආයතන වලින් සිදුවනුයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය තරජනයට ලක් වීමකි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු හා වෛද්‍ය විද්‍යාල වල ආචාර්ය සංගම් ඒකාබද්ධව නිකුත් කරන ලද පහත සඳහන් යෝජනාවන් අඩංගු ඉල්ලීමක් රජයට භාරදී දැනට සති 3ක් ඉකුත් වී ඇත.

1. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය අභියාචණාධිකරණය පෙන්වා දුන් පරිදි වහාම ගැසට් කිරීම හා වෛද්‍ය සභාවේ තාක්ෂණික වාර්තාවට නෛතිකභාවයක් ලබාදීම.
2. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය නොලබා ඇති බව අධිකරණයට දැන්වීම.
3. සයිටම් ආයතනය විසින් තවදුරටත් සිසුන් බඳවා ගැනීම වහාම නැවත්වීම
4. මෙම ආයතන මඟින් තවදුරටත් සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම.
5. දැනට මෙම ආයතනය තුල ඉගෙන ගනු ලබන සිසුන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබාගැනීමට කමිටුවක් පත් කිරීම.

අවසානයේදී එය ජනසතු කිරීමක් දක්වා කටයුතු සිදු කල යුතුය.

ඉහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට රජයේ පවතින අකමැත්ත, නොහැකියාව පිළිබඳව දිනෙන් දින රජයේ මෙම විෂයට සම්බන්ධ කැබිනට් ඇමතිවරු දෙදෙනා වන වෛද්‍ය රාජිත සේනාරත්න හා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රකාශනයන් වලින් පෙනී යයි.

මෙමෙඅ නොහික්මුණු ප්‍රකාශයන් හා මෙම ඇමතිවරුන්ගේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් රජයේ අවසාන තීරණද යන වග ප්‍රකාශ කිරීම රජය විසින් කල යුතුව ඇත. ජනාධිපතිවරයා විසින් මෙම ආණ්ඩුවේ තිරණය පිළිබඳ ප්‍රකාශ කිරීම වැදගත් වන අතර රජයේ තීරණය මෙම ඇමති වරුන් දෙදෙනාගේ ප්‍රකාශ මත පදනම් නොවේ නම් ජනාධිපතිවරයා තමන්ගේ ඇමති මණ්ඩලය වහ වහා හසුරුවාගත යුතු බව අපගේ මතය වේ.

එසේ නොවුවහොත් මෙම ප්‍රශ්ණය අවසානයේදී අන්තවාදී කොටස් අතට පත්විම තුලින් නැවත 88/89 වැනි යුගයන් කරා රට ගමන් කරවීම නොවැලක්විය හැකි වනු ඇත.

දැනටමත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් වෙත ලිපි 20 කට වැඩි ප්‍රමාණයක් මඟින් මෙම තත්වය අවධාරණය කර ඇත. ඉට අමතරව මාධ්‍ය සාකච්ඡා 40 වඩා වැඩි ප්‍රමාණයක්ද දිස්‍ත්‍රික් හා පලාත් මට්ටමින් විරෝධතා 200කට වැඩි ප්‍රමාණයක්ද මඟින් පසුගිය දිනවල රජය හා මහජනතාව දැනුවත් කර ඇත.

දැනට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මූලික කරගත් වෘත්තීය සමිති හා විවිධ සංගම් 150 කට වැඩිවූ ඒකාබද්ධ සංගමයක් ලෙස හෙට දිනයේදී (2017.04.07) බලධාරින් විසින් මෙම ආයතනය සම්බන්ධව දක්වන නිද්‍රාශීලිත්වය පිළිබඳ විරෝධය පා දැවැන්ත වැඩ වර්ජනයකට හා විරෝධතාවයකට යාමට ඒකමතිකව කැමැත්ත ප්‍රකාශ කර ඇත.. හෙට දිනයේදී (2017.05.07) කොළඹ නගරය තුල දැවැන්ත පෙළපාලියක් හා කොළඹ කොටුව ආශ්‍රිතව රැලියක් පැවත්වීමට නියමිත අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සියළු පෞද්ගලික වෛද්‍ය සේවාවන්ද හෙට දිනය තුල නැවැත්වීමට තීරණය කර ඇත.

මෙමඟින් ශ්‍රී ලංකාවේ රෝහල් පද්දතිය බිඳ වැටිම මඟින් රෝගින් ද විවිධ වෙනත් වැඩ වර්ජන ක්‍රියා මාර්ග මඟින් රටේ සාමාන්‍ය මහජනතාවද විවිද අන්දමේ බාධාවන්ට අපහසුතාවයන්ට ලක්විය හැක.

කෙඑ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, වකුගඩු හා පිළිකා සම්බන්ධ සේවා සපයන ආයතනයන් වල මෙමෙ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර සේවා වල පවතින සුවිශේෂිභාවය හේතු කොට ගෙන ත්‍රිවිධ හමුදා රෝහල් වලද කටයුතු පවත්වාගෙන යනු ලැබේ. සියළු රෝහල් ආශ්‍රිඅතව හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය කටයුතුද සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇත. මෙම සියලු ක්‍රියා මඟින් රටේ ජනතාව පත්වන පීඩාකාරි තත්වයට මෙම ආයතනය සම්බන්ධව නිද්‍රාශිලී පියවරක් අනුගමනය කරන බලධාරින් විසින් වගකිව යුතු බවද වහ වහා මෙම ප්‍රශ්ණය විසඳා මෙවැනි දැවැන්ත සේවාවන් බිඳ වැටීම් වළක්වා ගත යුතු බවද අප තරයෙ අවධාරණය කර සිටිමු.

RSL

Related Posts