ඩීල් එළිපිට! විමල්ට ඇප දෙන්න අගමැති රනිල්ගෙන් රජයේ නීති අංශවලට උපදෙස් (විශේෂ)

Spread the love

රජයේ දේපළ නීති විරෝධී අන්දමින් තම පවුලේ අයවලුන්ගේ පරිහණය සඳහා ලබාදී මහජන මුදල් රුපියල් කෝටි 10කට ආසන්න මුදල් අපහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ සම්බන්ධයෙන් පවතින චෝදනා පදනම් කරගනිමින් ඇප ලබාදීමට විරුද්ධ නොවන ලෙසද අගමැතිවරයා නිති අංශ වෙත උපදෙස්‌ දී තිබේ.

විමල්ට ඇප ලබාදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීම් කර ඇති අතර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයේ තැබීමට රජයට කිසි අවශ්‍යතාවයක්‌ නැතැයිද අගමැතිවරයා එහිදී පවසා ඇත.

ජනතාව ඉදිරියේ, දේශපාලන වේදිකා තුළ කුමන ආකාරයේ රංගනයන් ඉදිරිපත් කරමින් ජනතාව ගොනාට ඇන්දුවද, යහපාලනයේ නාමයෙන් හොරු අල්ලන බවට පොරොන්දු වුවද සියල්ලෝම තම බලය සහ පැවැත්ම වෙනුවෙන් දේශපාලන ඩීල් මත ක්‍රියාකරන බව පැහැදිලි සත්‍යයක් වන බව නම් පැහැදිලිය.

ඒ අනුව අද(07) දිනයේදී විමල්ට නිදහසේ අවුරුදු කෑම වෙනුවෙන් ඇප ලැබෙනු ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

RSL

Related Posts