කුප්‍රකට මරික්කාර් මිනිස් ඝාතනයකට අර අඳී..!

Spread the love

කොලොන්නාව කසල කන්දේ ගැටළුවට නිසි විසදුම් ලබාදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කො‍ලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු ජනතා නියෝජිතයන් කටයුතු කරමින් සිටියදි එජාපයේ මරික්කාර් තම හිතවාදින් පිරිසක් සමගින් මාධ්‍ය සංදර්ශණයක නියැලිමත් සමගින් කොලොන්නාව ආසනය පුරා විශාල විරෝධයක් එල්ලවෙමින් ඇත.

මරික්කාර්ගේ මෙම ක්‍රියාවලියට කොලොන්නාව ආසනයෙන් එල්ල වු විරෝධය කොතෙක්ද යත් ඔහුගේ සමිපතමයන් කිහිපදෙනෙකුටම මගදිගට හමුවු ජනතාව ඉතා හොදින් ජාතිය අමතා ඇත. මේ අතරවාරයේ මරික්කාර්ව විවේචනය කරමින් මුහුනුපොතේද පෝස්ටු සැරිසරනු දක්නට ලැබිණි. මේ සියල්ලට කිපුනු මරික්කාර් පසුගියදා පාර්ලිමේන්තුවේදි සෝලංගආරච්චිගේ ආරක්ෂාව පිළිබදව ප්‍රශ්ණ කිරිම කාගේත් අවධානයට යොමුවිය.

හිටිහැටියේම සෝලංගආරච්චිගේ ආරක්ෂාව ඉවත්කරන්න යැයි මරික්කාර් ඉල්ලිම තුලින් ඔහුගේ යටි අරමුණක් කරලියට පැමිණ ඇති බව ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිද වන තිවංකා සෝලංගආරච්චි මුහුණුපොතේ සටහනක් ලිියමින් පවසා ඇත. ඒ අතරම තම සැමියාගේ ජිවිතයට අනතුරක් සිදුවුවහොත් එහි වගකිම මරික්කාර් භාරගත යුතු බවද ඇය අවධාරණය කර ඇත.

RSL

Related Posts