කිරිඇල්ලට සයිටම් එකෙන් ලොකු කුට්ටියක්!

Spread the love

නෙවිල් ප්‍රනාන්දු මහතා හෝ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සමීර සේනාරත්න නැමැත්තා තමන්ට කිසි දිනක කතාකර නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පුන පුනා පැවසුවද ඔවුන් ගණුදෙනුව පවත්වාගෙන යන්නේ කිරිඇල්ල ඇමතිවරයාගේ දියණිය සමග බව පසුගිය 09වනදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එය අනාවරණය වූයේ එදින පැවති සයිටම් අර්බුදය සම්බන්ධ විවාදයට එක් වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ ප්‍රාශයකට කිරිඇල්ල ඇමතිවරයා ප්‍රතිචාර දැක්වීමේදීය.

නෙවිල් ප්‍රනාන්දු මහතා හෝ සමීර සේනාරත්න මහතා තමන්ට කතාකර නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවද කිරිඇල්ල මහතාගේ දියණියගෙන් විමසුවහොත් නෙවිල් ප්‍රනාන්දු මහතා හෝ සමීර සේනාරත්න මහා අන්තිමට හමු වූ දිනය ඇය කියාවි යැයි නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තම දියණිය තමන්ගේ පෞද්ගලික ලේකම්වරිය බවත් නෙවිල් ප්‍රනාන්දු මහතාට හෝ සමීර සේනාරත්න මහතාට තමාට කතා කිරීමට අව්‍ය වුවහොත් තම දියණිය අමතන බවත් එහිදී කිරිඇල්ල ඇමතිවරයා පැවසීය.

සමහර කාරණාලවලට ඇමතිවරයාට කතාකරනවාට වඩා පෞද්ගලික ලේකම්වරුන්ව හෝ ඥාතීන් හමුවීම ඔවුන් දන්නා සූත්‍රය බවත් මෙහිදී නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ.

-ලංකා ටෲත්-

RSL

Related Posts