රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 21 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
අද(14) පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඩලස් අලප්පෙරුම මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ, අද පැවති පළමු සාකච්ඡාවටය ඉතා සාර්ථක බවත්, එජාපය මෙතෙක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයෙන් පසු නොබැස ඇති බවත්, ඊට එරෙහිව ගොඩනැඟිය හැකි පුළුල්ම බලවේගය ගොඩනඟන බවත්ය. එසේම මාධ්‍ය වේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු පැවසූයේ, ගොඩනැගෙන සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත්, නායකත්වය, ලාංජනය, විධායක සභාව වැනි කරුණු අවසානයේ තීරණය කරනු ලබන ඒවා බවත්, ඒවා සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතිබවත් පැවසූ අලහප්පෙරුම මහතා අප මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන්කරනු ලැබූයේ ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාපිත කරුණු සම්බන්ධයෙන් බවත් පැවසීය.
සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයින් පෙරවරු 10.15ට පමණ විපක්ෂනායක කාර්යාලය වෙත පැමිණි අතර නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වී සිටින බව වාර්තා විය.