ශ්‍රීලනිපය වැඩ අරඹයි; ජනපති වැඩ බලන්න යයි (Video)
- RSL
- June 5, 2018
- උණුසුම් පුවත්, දේශපාලන
- Maithripala Sirisena, SLFP
- 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් අද(05) පෙරවරුවේ නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත් විය.
සාකච්ඡාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටි බව සඳහන් වෙයි.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේය. එහිදී නිදහස් පක්ෂ උප ලේකම්වරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ද මාධ්‍යයට අදහස් පළ කළේය.

