එජාපය කයිවාරු ගසද්දී ශ්‍රීලනිපය අකුරටම විනය ක්‍රියාමාර්ග ගනී! එස්.බි.-ඩිලාන් ඇතුළු විනය කඩ කළ අය දොට්ට දමයි

Spread the love

එක්සත් ජාතික පක්ෂයේ විනය කඩ කරමින් වෙන වෙනම කල්ලි ගසන සජිත් ඇතුළු අයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නවා යැ’යි පැවසුවද එසේ නොගනිමින් කාලය කාදමන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂයේ ප්‍රතිපත්ති සහ විනය කඩ කරමින් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වූවන් 05ක් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින් එජාපය හොඳ ආදර්ශයක් සපයා ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පිටින් ගිය එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, රෙජිනෝල්ඞ් කුරේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේලනයට සහභාගි නොවීමට ගත් තීරණයට පිටින් මෙම මන්ත‍්‍රීවරු පිරිස එම සම්මේලනයට සහභාගි වූහ.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ එස්. බී. දිසානායක මහතා වෙනුවට ලසන්ත අලගියවන්න මහතා පත්කරනු ලැබූ අතර ඩිලාන් පෙරේරාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුර සඳහා වීරකුමාර දිසානායක මහතා පත්කරනු ලැබීය.

RSL

Related Posts