ශ්‍රී ලංකාවට එරෙහි උද්ඝෝෂණයකදී විරෝධතාකරුවන් අත්තඩංගුවට

Spread the love

ශ්‍රී ලංකා නාවික හමුදාවන්ගෙන් ඉන්දීය ධීවරයන්ට සිදුවෙතැයි පැවසෙන බාධා කිරීම්වලට එරෙහිව විරෝධතාවයන්හී යෙදුනු විරෝධතාකරුවන් පිරිසක් එරට වෙරළ ආරක්ෂක අංශයන් විසින් අත්තඩංගුවට ගෙන ඇත.

මොවුන් එරට භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවට හඳුනා ගෙන ඇත.

මෙම විරෝධතාකරුවන් පිරිස මෙසේ අත්තඩංගුවට පත්වී ඇත්තේ ඔවුන් විසින් රාමේශ්වරම් නාවික මුහුදු තීරය ඔස්සේ පැමිණ බෝට්ටු වලට ගොඩවීමට ගන්නා ලද උත්සහයකදීය.

දකුණු ඉන්දීය ධීවර ජනතාව මුහුණපාන උක්ත ගටළු සහ විසඳුම් සම්බන්ධයෙන් ඉන්දීය රජයට බලපෑම් කිරීම විරෝධතාකරුවන්ගේ අරමුණ විය.

RSL

Related Posts